top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ඩීසල් නෞකාවේ ගොඩබෑම් අද ඇරඹේ : පෙට්ට්‍රල් නෞකාවට අත්තිකාරම් මුදල් ගෙවයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 3, 2022
  • 2 min read

ree

ගෙවීම් සිදුකර ඇති නෞකාවේ ඩීසල් තොගය ගොඩබෑමේ කටයුතු අද සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ ඊට අදාළ ගෙවීම් ඊයේ සිදුකළ බවයි.


වසරක කාලයක් ගුවන් යානා ඉන්ධන ලබාගැනීම සදහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගිවිසුමකට එළඹ තිබෙන බවත් එහි පළමු ඉන්ධන තොගය රැගත් නෞකාව ලබන 12 සහ 14 යන දින අතර කාලය තුළ දිවයිනට ළගාවීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.


මේ අතර පෙට්‍රල් සහ ඩීසල් නෞකාවකටද අත්තිකාරම් ලෙස ගෙවීම් සිදුකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.


මේ අතර QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් අද දිනයේ ද පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. මේ වනවිට QR ක්‍රමවේදය යටතේ ලියාපදිංචි වී ඇති රථ වාහන සංඛ්‍යාව පනස් දෙලක්‍ෂ 74,800 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ. එවන් පසුබිමක් තුළ මාතර බස් නැවතුම්පොලෙන් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ සේවකයන් වර්ජනයක නිරත වනවා. සිය බස් රථවලට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දමන ලෙස බල කරමින් ඔවුන් එලෙස වර්ජනයේ නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ.


මේ අතර මීගොඩ, ලියන්වල ප්‍රදේශයේදී වැඩි මිලට ඉන්ධන අළෙවි කිරීමට සූදානම් වූ බවුසර් රථ රියදුරෙකු ඇතුළු සිව් දෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම බවුසර් රථ රියදුරු වැඩි මිලට ඉන්ධන අළෙවි කරන බවට බුද්ධි අංශ වෙත මීට පෙර අනාවරණ කර ගෙන තිබුණා.


ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය උපාය දූතයෙකු යොදවා ඩීසල් ලීටරයක් රුපියල් 900 ක මුදලකට බැගින් මිලදි ගැනීමේදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.


පොලිස් භාරයට ගනු ලැබූ බවුසරයේ තිබූ ඩීසල් ප්‍රමාණය ලීටර් 6,600 ක්. බවුසර් රථ රියදුරුට අමතරව රිය සහයක සහ තැරැව්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. එම බවුසරයේ තිබී ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඩීසල් තොගයක් බවට විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා. සැකකරුවන් අද දිනයේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page