ජයන්ත කැටගොඩ කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි...
- helloplanetaviss
- Sep 21, 2021
- 1 min read

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා යළි මන්ත්‍රීධූරයේ අද (21) දිවුරුම් දුන්නේ ය.
පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියෙ දිවුරුම් දීම සිදු විය. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා රාජ්‍ය අමාත්‍යධූරයෙන් සහ මන්ත්‍රීධූරයෙන් ඉවත් වූ අතර ඉන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා ජයන්ත කැටගොඩ මහතා පත් විය. හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය දා මහබැංකුවේ අධිපතිවරයා ලෙස පත්ව රාජකාරි ආරම්භ කළේ ය.
Comments