top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ට වැඩිපුර නිවාඩු දෙන්න හදන රට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 7, 2021
  • 1 min read

ree

ලබන වසරේ ජනවාරි 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සතියකට දින හතරහාමාරක (4.5) වැඩ සතියක ක්‍රමවේදයට මාරුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලු රාජ්‍ය ආයතන නව රාජකාරී ක්‍රමවේදයට අනුගත වෙන බවයි එරට රජය අද නිවේදනය කර සිටියේ.

මෙම පියවරත් සමඟ ගෝලීය දින පහේ සතියට වඩා "කෙටි ජාතික වැඩ කිරීමේ සතියක්" හඳුන්වා දුන් ලොව පළමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්වනු ඇත. වැඩ කරන සතිය සඳුදා ආරම්භ වන අතර සිකුරාදා සවස් වන විට අවසන් වේ.

රාජ්‍ය සේවකයින් සඳහා වැඩ කරන වේලාවන් උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා, දිනකට වැඩ කරන පැය 8.5 ක් ලෙස සකසා ඇත. සිකුරාදා දිනය පමණක් සේවකයින් පැය 4.5 ක් වැඩ කරනු ඇත.

සිකුරාදා දිනවල, නම්‍යශීලී වැඩ හෝ නිවසේ සිට වැඩ කිරීමේ විකල්ප තෝරා ගැනීමට සේවකයින්ට අවසර දෙනු ලැබේ.

දිගු සති අන්තයේ අරමුණ වන්නේ සේවක සේවිකාවන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම සහ ඔවුන්ගේ රැකියාව සමග එදිනෙදා කටයුතු සමතුලිතතාවයෙන් යුක්තව පවත්වාගෙන යෑම වැඩිදියුණු කිරීම බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිවේදනය කර සිටින්නේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page