top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනයට පංචවිධ වැඩසටහනක්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 31, 2022
  • 2 min read

ree

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධනය හා සාර්ථකත්වය අරමුණු කොට ගෙන ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පංචවිධ වැඩසටහනක් සකස් කොට තිබේ.

ජනමාධ්‍ය උදෙසා ඇසිදිසි රක්ෂණය, වරලත් මාධ්‍යවේදී ආයතනය ස්ථාපනය, මාධ්‍යවේදීන් ඇගයීමේ ජනාධිපති සම්මාන උළෙල, රූපවාහිනී විකාශය ඩිජිටල්කරණය සහ ජනමාධ්‍ය හැඳුනුම්පතේ වළංගු කාලය වසර තුනකට දීර්ඝ කිරීම ඊට අයත්ය. 2021 වසර අවසානයේ සැලසුම් කළ වැඩසටහන 2022 වසර තුළ ක්‍රියාත්මක කරනු ලැබේ. (30) පෙරවරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීහු උදෙසා පැවති වැඩමුළුවේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම තොරතුරු සඳහන් කළේය. “සංවර්ධනය සන්නිවේදනය: නගරයෙන් ගමට ගමෙන් නගරයට” මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වැඩමුළුව සංවිධානය කර තිබිණ. ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීහු 100 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රදානය කෙරෙන ඇසිදිසි රක්ෂණ ක්‍රමය පංචවිධ වැඩසටහනේ ප්‍රමුඛතාවය ගන්නා බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. රක්ෂණ ප්‍රතිලාභියාගේ හෝ ඔහු සේවය කරන ආයතනයේ දායකත්වයක් නොලබා රක්ෂණ ප්‍රතිලාභ ලබා දෙන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එකම රක්ෂණ ක්‍රමය ලෙස මෙම රක්ෂණය හඳුන්වා දිය හැක. ආසියානු රටක ක්‍රියාත්මකවන පළමු වරලත් මාධ්‍යවේදී ආයනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර ජනමාධ්‍යවේදීන්ට වෘත්තීයමය පිළිගැනීමක් ලබාදීමේ අරමුණින් මෙම ආයතනය ස්ථාපිත කෙරේ. අගෝස්තු මාසයේදී ආයතනයේ වැඩ ආරම්භ කිරීමට නියමිතයි. තවද ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයමය කුසලතා ඇගයීමට ලක් කිරීමේ අරමුණින් ජනමාධ්‍යවේදීන් සදහා ජනාධිපති සම්මාන උළෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබි ඇත. ඉදිරියේදී මාධ්‍ය අංශ හා මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තීය සංවිධාන ඒකාබද්ධව මෙම සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය. ජපාන රජයේ අධාර ඇතිව දැනටමත් ආරම්භ කර තිබෙන රූපවාහිනී අවකාශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය වසර 2023 මැදභාගය වනවිට බස්නාහිර පලාතේද, 2025 වනවිට මුලු දිවයිනම ආවරණය වන පරිදි ද ක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙමගින් සියළුම රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට රූපවාහිනී දසුන් සුපැහැදිළිව නැරඹීමේ අවකාශය සැලසේ. නෙළුම් කුළුන සහ දිවයින පුරා පිහිටවනු ලබන තවත් කුළුනු 16 ක් මේ සඳහා උපයෝගී කර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මගින් ජනමාධ්‍යවේදීන් සඳහා මෙතෙක් වසරක කාල සීමාවකට නිකුත් කළ ජනමාධ්‍ය හැදුනුම්පත මින් ඉදිරියට වසර 3 ක කාලසීමාවක වලංගුවන පරිදි නිකුත් කෙරේ. ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කෙරෙන මාධ්‍ය හැඳුනුම්පත් දිස්ත්‍රික් මාධ්‍ය ඒකක මගින් නිකුත් කිරීමටද සැලසුම් කර තිබේ. දිවයින පුරා අ.පො.ස.(උ.පෙ.) විෂයධාරාව උගන්වන පාසල් 3042 ක ජනමාධ්‍ය කව පිහිටවීම දැනටමත් ආරම්භ කර තිබේ. මේ සඳහා මාධ්‍ය ආයතන ද සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන අතර ජනමාධ්‍ය අමාත්‍යාශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව ඒකාබද්ධව පාසල් දරුවන්ට විවිධ පුහුණු වැඩමුළු සහ අභ්‍යාස පැවැත්වීමට ද අපේක්ෂිතයි. විශේෂයෙන් විවිධ රටවල ජනමාධ්‍යවේදීන් සමග සම්බන්ධවෙමින් අපේ රටේ ජනමාධ්‍යවේදීන්ට අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාව ලබාදීම කෙරෙහිද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධානය යොමු වී ඇත. මේ පිළිබඳ තානාපතිවරු සමග සාකච්ඡා ආරම්භ කර ඇති අතර ජපාන තානාපතිවරයා දැනටමත් එවැනි අවස්ථාවක් ලබාදීමට එකඟතාවය පල කර ඇත.. ජනමාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව ලබා දෙමින් ඔවුන්ගේ වෘත්තීය කටයුතු සාර්ථක කර ගැනීමට අවකාශ සලසා දීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් වයි.වික්‍රමසිරි මහතා සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page