top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජනමාධ්‍ය වේදීන් සඳහා කොවිඩ් - 19 බූස්ටර් එන්නත ලබා දීම ඇරඹෙයි.

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 9, 2022
  • 1 min read

ree

ජනාමාධ්‍ය වේදීන් සඳහා කොවිඩ් - 19 බූස්ටර් එන්නත ලබා දීම (08) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනූෂ පැල්පිට සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී ආරම්භ කෙරුණි.

බූස්ටර් එන්නත් ලබා දීම අදියර හතරක් යටතේ 2022 ජනවාරි 08,09,15 සහ 16 යන දිනවලදී පෙ.ව.08.30 සිට ප.ව.03.30 දක්වා ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය. පළමු අදියර යටතේ, 2021 ජුනි මස 16 සහ 20 දෙදිනතුල දෙවන මාත්‍රාව ලබා ගත් මාධ්‍යවේදීන් සඳහා අද දවස තුල එන්නත ලබාගත හැක. දෙවන අදියර යටතේ, 2021 ජුනි මස 24 සහ 27 දෙදිනතුල දෙවන මාත්‍රාව ලබාගත් මාධ්‍යවේදීන් සඳහා හෙට (09) එන්නත් ලබා දීමට සැළසුම්කර ඇත. තෙවන සහ සිවුවන අදියර යටතේ, 2021 ජුලි මස 04 සහ 17 දෙදිනතුල දෙවන මාත්‍රාව ලබා ගත් මාධ්‍යවේදීන් සඳහා 2022 ජනවාරි 15 ත්, 2021 ජුලි මස 27 වන දින දෙවන මාත්‍රාව ලබා ගත් මාධ්‍යවේදීන් සඳහා 2022 ජනවාරි 16 ත් එන්නත් ලබා දීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇත. ජනමාධ්‍ය අමාත්‍යවරයාද ජනමාධ්‍ය වේදීන් සමග එක්ව සිය බූස්ටර් එන්නත ලබා ගත්තේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page