ජනපති ලේකම්, මල්වතු අස්ගිරි මහ නාහිමිවරු බැහැ දැක ආශිර්වාද ලබාගනී...
- helloplanetaviss
- Jan 31, 2022
- 1 min read

අභිනව ජනාධිපති ලේකම් ධුරයට පත් ගාමිණී සෙනරත් මහතා පසුගිය දා මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන්වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
පළමුව මල්වතු මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නායක ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අනතුරුව අස්ගිරි මහ විහාරයට ගොස් අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහ නාහිමියෝ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කිරීම උදෙසා අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට විශාල වගකීම් සමුදායක් පැවරී ඇති බව පෙන්වා දුන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරු රටේ වර්තමාන තත්ත්වය තේරුම් ගනිමින් ජනතාවට සේවය කිරීමට ආශිර්වාද එක් කරන බව පැවසූහ.
Comments