top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජනපතිගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම ජනතාවගේ යුතුකමක් සහ වගකීමක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 9, 2022
  • 2 min read

ree

නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගත්තා... ජනපතිගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම ජනතාවගේ යුතුකමක් සහ වගකීමක්.. පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති..

නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපතිතුමාගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම සැම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිරිසවැටිය විහාරාධිකාරී නාහිමියන් (08) පෙරවරුවේ බැහැ දුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළහ. රට විශාල ණය බරකට මුහුණ දී තිබිණ. එහෙත් ඒ සියල්ල කළමනාකරණය කරමින් ජනතාවට වසංගත බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට අවකාශය ලබා දීම ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වා ගෙන යාමට ජනාධිපතිතුමාගේ එම වැඩපිළිවෙළ ආත්ම ශක්තියක් ලබා දී ඇති බව ඥානතිලක හිමියෝ පැවසූහ. නැවත රට වැසීමට ඉඩ නොතබා ස්වයං විනයක් පනවා ගෙන ජීවත් විය යුතුය. එමෙන්ම ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහාය වීම සියලු දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව ද උන්වහන්සේ අවධාරණය කළහ. අනතුරුව ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිතුමාට විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නාහිමියෝ සෙත් පිරිත් සජ්ඡායනා කර ආශිර්වාද කළහ. ජනාධිපතිතුමා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ උන්වහන්සේ දැනුවත් කළේය. ජනාධිපතිතුමා අනුරාධපුරය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. ලොව ඉහළම ඉල්ලුමක් පවතින නොරිටාකේ පිඟන් භාණ්ඩ, ජපාන ආයතනයක් විසින් මෙරට දී නිෂ්පාදනය කෙරේ. මෙම තත්ත්වය වටහා ගනිමින් ඉහළ ගුණාත්මක භාවයකින් යුත් ටයිල් මෙරට දී නිෂ්පාදනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඉදිරි වසර තුළ මෙරටට අවශ්‍ය ටයිල් අවශ්‍යතාව දේශීය ආයතන විසින්ම ලබා දෙනු ඇතැයි ජේතවනාරාමාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නාහිමියන් බැහැ දුටු අවස්ථාවේ ජනාධිපතිතුමා සඳහන් කළේය. කාබනික පොහොර වගාවන්ට ගොවි ජනතාව දිරි ගැන්වීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිතුමා ජේතවනාරාමාධිපති හිමියන්ට පැහැදිලි කර දෙනු ලැබීය. අභයගිරිය විහාරයට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිකාරී, ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන් බැහැ දැක උන්වහන්සේ සමග ද පිළිසඳරක නිරත විය. අනුරාධපුර පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ පහසුව උදෙසා නිවැරදි ප්‍රවාහන සැලැස්මක් සහිතව සංවර්ධන වැඩසටහනක අවශ්‍යතාව උන්වහන්සේ පෙන්වා දුන්හ. විශාල, මධ්‍ය සහ කුඩා වැව් තුන්දාහස් තුන්සිය විසිදෙකක් රජරට කලාපය සතුය. ඒවා ප්‍රතිසංස්කරණය කර කෘෂි ආර්ථිකයට දායක කර ගැනීමට ඇති හැකියාව උන්වහන්සේ සිහිපත් කළහ. නිසි වේලාවට නිවැරදි තීන්දු ගැනීම ජනාධිපතිතුමාගෙන් මහා සංඝරත්නය අපේක්ෂා කරන බව ද රතනසිරි හිමියෝ පැවසූහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page