top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජනතා විශ්වාසය පවත්වාගැනීම මහජන නියෝජිතයන්ගේ වගකීමක්-අමාත්‍ය ඩලස් අලහප්පෙරුම....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 1 min read

ree

රජයක පැවැත්ම රඳාපවතින්නේ ජනතා විශ්වාසය මත බවත්, ජනතා විශ්වාසය පවත්වාගැනීම මහජන නියෝජිතයන් ලෙස තම වගකීම බවත්, බන්ධනාගාරය තුළ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් රජය නිවැරදි තීරණය ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( සැප්තැම්බර් 22 දා) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පිළිබඳව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ පිළිබදව පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, බන්ධනාගාර ගතවූවන් ඇතුලු 23 දෙනෙකුගෙන් මේ වන විටත් කටඋත්තර ලබාගෙන ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට විශ්‍රාම ලත් විනිසුරුවරයකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා විසින් කැබිනට් මණ්ඩල හමුවේදී ඉල්ලා සිටි බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් රජය සුදුසු තීරණයක් ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් රජය සිය නීතිමය කටයුතු මෙන්ම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද යම් විනය ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවත්, සියලු වාර්තා තමන්ට ලැබෙනතුරු යමක් කියන්නට ඉක්මන් නොවන බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page