ජූලි 31ට පෙර සියලු ත්‍රිරෝද රථ ළඟම පොලිසියේ ලියාපදිංචි විය යුතුයි
- helloplanetaviss
- Jul 26, 2022
- 1 min read

අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ටිවිටර් පණිවුඩයක දැක්වෙන්නේ, ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හලක් නම් කළ යුතු බවයි.
ඒ අනුව අගෝස්තු 1 වැනිදා සිට ත්‍රි රෝද රථ සඳහා ඉන්ධන ලබා ගැනීමට අවසර හිමිවන්නේ, ඔවුන් නම් කළ ඉන්ධන පිරවුම්හලෙන් පමණි.
මේ අතර කොළඹ පිරවුම්හල් කිහිපයක ක්‍රියාත්මක වූ ජාතික ඉන්ධන අවසර පත් ක්‍රමය අද සිට දිප ව්‍යාප්තව ක්‍රියාත්මක වේ.
එහෙත් තාක්ෂණික හෝ උපකරණ අඩුපාඩු පවතින ඉන්ධන පිරවුම්හල්වලට වාහනයේ අංක තහඩුවල අවසන් අංකය සැලකිල්ලට ගෙන ඉන්ධන ලබා දිය හැකියි.
කෙසේ වෙතත් ලබන 01 වැනිදා සිට QR කේතය සහිත , ජාතික ඉන්ධන අවසරපතට, පමණක් ඉන්ධන ලබා දීමට තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කළේ ය.
Comments