top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග “සූර්ය ස්වර්ණ” සම්මානයෙන් පිදුම් ලබයි ...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 23, 2022
  • 1 min read

ree

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ජපන් රජය විසින් පිරිනමනු ලබන “සූර්ය ස්වර්ණ” සම්මානයෙන් පිදුම් ලබයි.

සම්මානය පිරිනැමීමේ උත්සවය (22) පස්වරුවේ පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ජපානය සමග මිත්‍රශීලී සබඳතාව වැඩදියුණු කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ජපාන රජය “සූර්ය ස්වර්ණ” (The Order of the Rising Sun) සම්මානය වර්ෂයකට දෙවතාවක් විදේශිකයෙකුට පිරිනමයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි මහත්වරුන් අතින් සම්මානය භාරගත් ජනාධිපතිතුමා, එය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වෙත පිරිනැමීය. උත්සවයේ සමරු දේශනය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් සිදු කෙරිණ. සම්මානය පිරිනැමීමේ උත්සවයට සහභාගී වීම සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ, ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා වෙත තිලිණයක් පිරිනැමූහ. ඩබ්.කේ.එච්. වෑගපිටිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ යන මහත්වරුන් අතින් ජනාධිපතිතුමාට සමරු තිලිණය පිළිගන්වනු ලැබිණ. මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක, විශ්වවිද්‍යාල කුලපතිවරු, උපකුලපතිවරු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටිය

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page