top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජුනි මස දක්ෂතම ක්‍රීඩකයා සම්මානය වනිඳුට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 17, 2023
  • 2 min read

ree

නිමාවට පත් වුණු ජුනි මාසයට අදාළ ‌අන්තර්ජාතික තරගාවලියේ වැඩිම දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයා වෙනුවෙන් ලබා දෙනු ලබන මාසයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය සදහා මෙවර දග පන්දු යවන වනිදු හසරංග තෝරා ගැනේ


මෙම වසර අගදී ඉන්දියා‌වේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් සිම්බාබ්වේ දේශයේ පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී දක්වන ලද දක්ෂතා වනිඳුට මෙම සම්මානය ලබා ගැනීමට ඉවහල් වී තිබේ.

මෙම තරගාවලියේදී තරග 7 කට ක්‍රීඩා කළ දකුණත් පා දඟ පන්දු යවන්නා කඩුලු 22 ක් දවා ගත්තේ තරගාවලියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාලූ පන්දු යවන්නා බවට පත් වෙමිනි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව තරග 8 කට ක්‍රීඩා කරමින් එම තරග 8 ම ජය ගත් අතර වනිඳු දක්වන ලද දක්ෂතා එහිදී කැපී පෙනිණ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පෑවති අවසන් එක්දින තරග 2 ද ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලද ජයග්‍රහණය 8 ද සමඟ මේ වන විට පිට පිටම එක්දින තරග 10 ක් ජයගැනීමට සමත්ව සිටියි. එය එක්දින තරග පිටියේ පිට පිටම කණ්ඩායමක් වාර්තා කරන ලද වැඩිම තරග සංඛ්‍යාව ලෙසින්ද වාර්තා පොත් අතරට එක්ව තිබේ. ඒ අනුව වනිඳු ඇෆ්ගනිස්තානයට සහ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි දෙකේදී දවා ගෙන ඇති කඩුලු සංඛයාව 26 කි.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු තර 3 දී කඩුලු 5 බැගින් කඩුලු 16 ක් දවා ගැනීමට වනිඳු සමත් වූ අතර එය එක්දින තරග ඉතිහාසයේ පිට පිටම තරග 3 කදී කඩුලු 5 බැගින් දවා ගත් පළමු දඟ පන්දු යවන්නා ලෙසින්ද ‌ේ ඉතිහාස ගත විය.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසයේ විශිෂඨතම ක්‍රීඩකයා වීමට හැකියාව ලැබීම මට ගෞරවයක් යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩෙවියට සදහන් කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් මගින් මෙම මාසයේ දක්ෂතම ක්‍රීඩකයා තෝරා ගනු ලබන අතර එහිදී එම කවුන්සිල නිල වෙබ් අඩෙවිය හා සම්බන්ධව සිටින ක්‍රීඩා ලෝලීන්ගේද කැමැත්ත මෙම තෝරා ගැනීම සදහා සලකා බැලෙනු ඇත. කෙසේ වෙතත් මෙම සම්මානයට හිමිකම් කියන ලද පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ වනිඳු පමණක් නොවේ. වනිඳු ට පෙර වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියද ඉකුත් 2022 වසරෙ ජූලි මාසයේදී එම සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.

 
 
 

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page