top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජාතික විද්‍යා පදනමේ ගෝලීය ඩිජිටල් වේදිකාව දියත් කිරීම අගමැති ප්‍රධානත්වයෙන්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 18, 2022
  • 2 min read

ree

ජාතික සංවර්ධනය සඳහා දේශප්‍රේමී අනේවාසික ශ්‍රී ලාංකික විද්‍යාඥයින් යොදා ගැනීමේ අරමුණින් ජාතික විද්‍යා පදනම ගෝලීය ඩිජිටල් වේදිකාවක් දියත් කර ඇත.

ඩිජිටල් වේදිකාව ජනගත කිරීම පෙබරවාරි 21 දා පෙරවරු 09.00ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරේ. 1968 දී ස්ථාපිත ජාතික විද්‍යා පදනමේ ප්‍රමුඛ කාර්යය වන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යාව සහ තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමයි. පර්යේෂණයන්ට මූල්‍යාධාර දීම, පර්යේෂණ මගින් සොයාගන්නා දැනුම ජනතාවට ප්‍රයෝජනයට ගත හැකි පරිදි තාක්ෂණය බවට හැරවීම, විද්‍යා ක්ෂේත්‍රයට අවශ්‍ය පුහුණුව, දැනුම සහ පශ්චාත් උපාධි ප්‍රදානය, ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වාගෙන යාම, විද්‍යා සාක්ෂරතාව ජනතාව අතරට ගෙන යාම ආදී කාර්යයන් රැසක් ජාතික විද්‍යා පදනම සිදුකරයි. අධ්‍යාපනික, පර්යේෂණ හා සංවර්ධන ආයතනවල සහ කර්මාන්ත අංශයන්හි ඉහළ තනතුරු හොබවන ශ්‍රී ලාංකීය විද්‍යාඥයින්, වෘත්තිකයින්, ව්‍යවසායකයින් බොහොමයක් ලොවපුරා ජීවත් වේ. මෙම පිරිස් ලංකාවේ සංවර්ධනයට දායකවීමට උනන්දුවක් දක්වන නමුත් ඒ සඳහා නිසි විශ්වසනීය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් නොමැතිවීම බාධාවක් වී තිබුණි. ජාතික විද්‍යා පදනම මෙම අනගි මානව සම්පත භාවිත කිරීම සඳහා ගෝලීය ඩිජිටල් වේදිකාවක් සකස්කර තිබේ. උතුරු අමෙරිකාව, යුරෝපය සහ ආසියාව වැනි මහද්වීපයන්හි සංවර්ධිත රටවල වෙසෙන කීර්තිමත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඇතුළත්ව 950ක් පමණ පිරිසක් ඩිජිටල් වේදිකාවේ ලියාපදිංචි වී ඇත. මෙම විදෙස්ගත බුද්ධිමතුන්ගේ විෂය පථය වන ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, තොරතුරු විද්‍යාව, කළමනාකරණය, ඉංජිනේරු විද්‍යාව, පාරිසරික විද්‍යාව යනාදියේ සිට නැනෝ තාක්ෂණය, කෘත්‍රීම බුද්ධිය සහ රොබෝ තාක්ෂණය වැනි බහු විෂයයික විද්‍යාවන් පුළුල් ලෙස විහිදෙන අතර එම දැනුම ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා යොදාගැනෙනු ඇත. ඩිජිටල් වේදිකාව දියත් කිරීම සම්බන්ධයෙන් (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධාන කර තිබූණි. ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම, සාක්ෂරතාව, මානව සහ භෞතික සංවර්ධනය ඉහළ මට්ටමක පැවැතිය ද විද්‍යා හා තාක්ෂණ දැනුම දකුණු ආසියානු කලාපය තුළ ඉතා අඩු මට්ටමක පවතින බව ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජාතික විද්‍යා පදනමේ සභාපති, රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය රංජිත් සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. “ කර්මාන්ත යුගයේදී භාණ්ඩ නිෂ්පාදනයට මූලද්‍රව්‍ය සඳහා සියයට 80ක පිරිවැයක් වැයවෙනවා. තාක්ෂණය වැයවන්නේ සියයට 20යි. නමුත් දැනුම පදනම් වූ ආර්ථිකයේ සියයට 80ක් දැනුම, තාක්ෂණය යොදා ගන්නවා. ද්‍රව්‍ය සඳහා වැය වන්නේ සියයට 20යි. ඒ අනුව වර්තමානයේ ප්‍රාග්ධනයට වැඩිය බුද්ධිමය දේපළ වැදගත් වෙනවා. ඒ නිසා බුද්ධිමය දේපල දේශීය සහ ගෝලීය වශයෙන් පෙළ ගැස්වීම අවශ්‍යයි” මහාචාර්යවරයා පැවසුවේය. ඔහු පෙන්වාදෙන පරිදි 2035 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරා යාමට සියයට 9ක 10ක දළ ජාතික ආදායම් වර්ධනයක් තිබිය යුතුයි. ඒ සඳහා විද්‍යා සහ තාක්ෂණය දියුණු කිරීම ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ පර්යේෂණවල නිරතවී සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියනය 106කි. ඉන්දියාවේ 250ක් වන අතර පාකිස්ථානයේ මිලියනයට 350 දෙනෙකු පර්යේෂණවල නිරතවී සිටී. මැලේසියාවේ මිලියනයට 2000ක් ද, කොරියාවේ 3000ක් ද ඊශ්‍රායලයේ 4000 ක් ද පර්යේෂණවල නිරතවේ. “මේ හේතුව නිසා ලංකාවේ අපනයනයට කරන භාණ්ඩ හා සේවා සියයට 99ක් පවතින්නේ ප්‍රාථමික මට්ටමේ. උසස් තාක්ෂණික නිෂ්පාදන තිබෙන්නේ සියයට 01යි. අනෙකුත් රටවල මේ තත්ත්වය වෙනස්. ඉන්දියාව උසස් තාක්ෂණික නිෂ්පාදන සියයට 09ක් අපනයනය කරනවා. තායිලන්තය සියයට 23ක්, චීනය සියයට 31ක්, කොරියාව සියයට 32 ක් අපනයනය කරන්නේ උසස් තාක්ෂණය යොදාගත් භාණ්ඩ. වියට්නාමය අපනයනය කරන භාණ්ඩ සියයට 40ක් උසස් තාක්ෂණික නිෂ්පාදන. ඒ වගේම සිංගප්පූරුවේ සියයට 50ක්, මැලේසියාවේ සියයට 53ක් දැනුම මත පදනම් වූ භාණ්ඩ හා සේවා අපනයනය කරන්නේ” මහාචාර්ය සේනාරත්න පැවසීය. විද්‍යා හා තාක්ෂණයට යොදවන ප්‍රාග්ධනය වැඩි වන තරමට ආර්ථික සංවර්ධනය වැඩි වන බව දියුණු රටවල් සිදු කළ පර්යේෂණ මගින් තහවුරු වී ඇති බව ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ ජාතික විද්‍යා පදනමේ ජාත්‍යන්තර සබඳතා අංශයේ ප්‍රධානි ආචාර්ය ජේ.ජී. ශාන්තසිරි මහතා ප්‍රකාශ කළේය. නවෝත්පාදන වැඩිකර ගැනීමට නම් යෙදවුම් වන මානව සම්පත, යටිතල පහසුකම් සංවර්ධනය සහ දැනුම වැඩිකර ගත යුතුය. ශ්‍රී ලංකාව තුළ පවතින සම්පත් සීමිත නිසා වෘත්තිකයින්ගේ දායකත්වය ගෝලීය ඩිජිටල් වේදිකාව තුළින් ලබාගැනීමට කටයුතු කරන බව ද ඔහු කීවේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page