top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජාතික පාසල් 1000ක් වැඩ සටහන- .කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කෙරේ...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 8, 2022
  • 2 min read

ree

වත්මන් රජයේ සෞභාගයේ දැක්ම යටතේ දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි එක් ජාතික පාසලක් ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇත.

මෙම වැඩපිළිවෙල යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් (07) දින මොණරාගල සියඹලාන්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස පත්කරන ලදි.. මෙම ජාතික පාසල් ස්ථාපිත කිරිමේ වැඩසටහනට සමගාමිව සබරගමුව පලාතේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය ද ජාතික පාසලක් බවට ස්ථාපිත කොට සිසු අයිතියට පත් කරිම අද දින පෙරවරුවේදි සිදු කෙරිණ. සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සහ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ආරම්භක උත්සවය පැවැත්වු අතර මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගි වුහ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරින් ඇතුළු කලාප අධ්‍යාපන නිළධාරින් ද සහභාගි විය . මෙහිද කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කළ සන්නස් පත්‍රය සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් එතුමිය විසින් එම සන්නස් පත්‍රය මෙම විද්‍යාලයේ විදුහල්පති අතුල සිරිමෙවන් මහතාටත් භාර දෙන ලදි. මෙහිදි අදහස් දැක්වු ප්‍රවාහන අමත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ මුළු ලොවම ගොදුරු කරගත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලෝකයේම ආර්ථිකය කඩා වැටි ඇති මොහොතක අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව විප්ලවීය වෙනසක් ඇති කිරීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් උත්සහය ඉතාමත් ප්‍රසංසනීය කටයුත්තක් බවයි. ඒ අනුව ජාතික පාසැල් 1000ක් ස්ථාපිත කිරිමේ වැඩ සටහන යටතේ මොණරාගල සියඹලාණ්ඩුව මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරිම අද ජනාධිපතිතුමා අතින් සිදු වු බවද සඳහන් කළේ ය. එම වැඩසටහන යටතේම ඊට සමගාමීව සබරගමු පළාතේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලය ද ජාතික පාසලක් බවට පත් කිරිමට හැකි වීම සතුටට කරුණක් බවද පැවසීය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය කියා සිටියේ වසර 20කට අධික කාලයක් නොවිසඳවි තිබුණු ගුරු ගැටලු වත්මන් රජය විසින් නිරාකරණය කල බවත් අපේ රටට කොවිඩ් වසංගතය නිසා සිදු වු හානිය තවත් වසර කිහිපයක් යාමට ප්‍රථම තුරන් කිරිමට හැකි බවයි. එමෙන්ම මෙම විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරිමට තමා ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින් කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස (07) මෙම පාසල ජාතික පාසලක් බවට පත් වීම අපි සියළු දෙනාට සතුටට කරුණක් බවද පැවසිය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page