top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සඳහා ICTA සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 14, 2022
  • 1 min read

ree

ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සඳහා ICTA සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කරයි

ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සැකසීම ආරම්භ කෙරේ . ඒ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ( ICTA ) සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණ. මෙමගින් ඩිජිටල් තාක්ෂනය උපයෝගී කරගනිමින් උසස් මට්ටමේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සදහා අවශ්‍ය පියවර ගනු ඇත. අවශ්‍ය ප්‍රමිති, ප්‍රතිපත්ති, සහ මාර්ගෝපදේශ සහිත පුළුල් මාර්ග සිතියමක් සකස්කෙරේ. රටේ සමස්ත සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, සෞඛ්‍ය සේවා නඩත්තුව, රෝග වැලැක්වීම සහ සත්කාර සේවා සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කිරීම මගින් සෞඛ්‍ය වියදම් පාලනය කිරීම මෙහි මුලික අරමුණකි. එමෙන්ම මෙය මෙරට තුළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වාගනයාම සදහා තිරසාර වැඩපිළිවලක ආරම්භයක් ද වනු ඇත. මෙම මුලපිරීම යටතේ, ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක්, මෙහෙයුම් අන්තර් ක්‍රියාකාරී සැලැස්මක්, ධාරිතා සංවර්ධන සහ තාක්ෂණික ආධාර සැලැස්මක් සංවර්ධනය කෙරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශකරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙෙද්‍ය එස්.එච්. මුණසිංහ, සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනහි ICTA සභාපති ඕෂද සේනානායක මෙම ගිවිසුමට අත්සන් කරන ලදී . මෙරට සෞඛ්‍ය ය සේවය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස පවත්වාගනයාම අරමුණු කරගනිමින් ඩිජිටල් තාක්ෂනය පදනම් කරගත් මුලපිරීම් ගණනාවක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්වමේවනවිටත් සාර්ථකව ක්‍රියාවටනංවා ඇත. වෛද්‍ය සැපයුම් සේවා කළමනාකරණ තොරතුරු පද්ධතිය (MSMIS), රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (HHIMS) සහ COVID- 19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා ක්‍රියාත්මක කරන ලද මෘදුකාංග විසඳුම් මේ අතර ප්‍රමුකවෙයි. මෙම ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සදහාවූ වැඩ පිලිවලේ මුලපිරීම් අවස්තාව 12 දා කොල්ලුපිටය ආර් ඒ ඩි මල් මාවතේ දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී පැවැත්විණි .එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය තොරතුරු අධ්‍යක්ෂ විශේෂඥ වෙෙද්‍ය පාලිත කරුනාප්‍රේම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනහි සභාපති ඕෂද සේනානායක ,එහි ප්‍රධාන ඩිජිටල් රාජ්‍ය නිලධාරී කාංචන තුඩුගල ඇතුළු පිරිසක් සහබාගිවුහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page