top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජාතික කර්මාන්ත විශිෂ්ටයෝ ජනපති අතින් සම්මාන ලබති....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 16, 2022
  • 1 min read

ree

“රටට පණදෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කරගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (15) පස්වරුවේ බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණ.

විශිෂ්ටතම කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ නිෂ්පාදන කර්මාන්ත සහ විශිෂ්ටතම යන්ත්‍රසූත්‍ර නිෂ්පාදක යන ක්ෂේත්‍රයන්ට අදාළ විශිෂ්ටයෝ සම්මාන උළෙලේ දී ජනපති අතින් ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූහ. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, කුඩා පරිමාණ ක්ෂේත්‍ර 20කට අදාළ ස්වර්ණ, රජත සහ ලෝකඩ සම්මාන මෙහිදී පිරිනැමිණ. මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය දිරිගන්වනු වස් එම ක්ෂේත්‍රයේ කර්මාන්ත විශිෂ්ටයන් තිදෙනෙක් සහ රාජ්‍ය අංශයේ සමාගම් තුනක් ද විශේෂ ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපතිතුමා බලයට පත් කළේ අපේකම රැකගනිමින් යන ගමනක් වෙනුවෙන් විශ්වාසය තබමින් බවත් ඉදිරියටත් ඒ විශ්වාසය මත කටයුතු කරමින් දේශීය කර්මාන්ත නගාසිටුවීමේ වගකීම රජය සතු බව පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, දේශීය කර්මාන්ත අන් කවරදාටත් වඩා වර්තමානයේ පිබිදීමට ලක් වෙමින් තිබෙන බව පැවසීය. පවතින අභියෝගය ආශිර්වාදයක්ව දේශීය කර්මාන්තකරුවා කරා පැමිණ ඇති බවත් ව්‍යවසායකත්වයක් ගොඩනැගෙමින් දේශීය කර්මාන්ත ඉදිරියට යන ආර්ථිකයකින් සමස්ත ගැටලු නිරාකරණය කරගත හැකි බවත් කර්මාන්ත ඇමතිවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ කර්මාන්ත දිරිගැන්වීම සහ ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධාන කරයි. පළාත් නවය ආවරණය වන පරිදි පවත්වනු ලබන විශිෂ්ටතම ව්‍යවසායකයා තේරීමේ තරගාවලියෙන් සහ “කර්මාන්ත ශ්‍රී ලංකා - 2022” ජාතික හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ නිර්මාණ අතුරින් විශිෂ්ටයන් 117 දෙනෙකු සම්මානලාභීන් ලෙස තෝරාගෙන තිබිණ. අමාත්‍යාංශ ලේකම් දයා රත්නායක, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු සහ සම්මානලාභීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page