top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම -ඖෂධ හිඟයක් හෝ බාල ඖෂධ බෙදා හැරීමක් ගැන විය විය යුතු නෑ....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 21, 2021
  • 2 min read

ree

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම හේතුවෙන් දිවයින පුරා ඖෂධ හිඟයක් හෝ බාල ඖෂධ බෙදා හැරීමක් සම්බන්ධයෙන් කිසිදු අනියත බියක් ජනතාව විසින් ඇති කර නොගත යුතු බව ඖෂධ නියාමන සහ සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

බාල ඖෂධ හෝ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් අසාදු ලේඛන ගත වූ ඖෂධ වෙළෙඳපළට නිකුත් වීමක් සිදු නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, මැකී යාම සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. තවද, කොවිඩ් 19 වෛරසය සඳහා අදාළ ඖෂධ සහ එන්නත් ගෙන්වීමේ දත්ත මැනුවල් ක්‍රමයට සිදු කළ බැවින් එම දත්ත කිසිවකට හානි නොවූ බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. 2015-2019 වසර කිහිපය තුළ ඖෂධ මාෆියාව වෙන කිසි දිනෙකත් නොමැති අයුරින් බලවත් වූ බවත් , ඖෂධ මාෆියාවට හිතුමතේ කටයුතු කිරීමට නොහැකි වීම නිසා ඇති වූ ඉච්ඡා භන්ගත්වය සහ අසීමිතව ලැබූ මුල්‍යමය වාසි නොලැබීම හේතුවෙන් මෙසේ දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකි බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය තොරතුරු ලබා දුන් පසු මේ සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහිදී දත්ත ගොනු 5925ක් මැකී ඇති බවත් එයින් 53%කම හෙවත් ගොනු 3137කම ඇත්තේ සාමාන්‍ය ඔසුසැල් ලියාපදිංචිය සම්බන්ධව වේ.පේටන්ට් අයිතිය ලබා ගැනීම සම්බන්ධව වූ බුද්ධිමය දේපළ සම්බන්ධ දත්ත කිසිවක් මැකී ගොස් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම දත්ත මැකී යාමේ ගැටළුව තුළ මැකී ගොස් ඇත්තේ ඖෂධ, වෛද්‍ය උපකරණ සීමාස්ථ නිෂ්පාදන සම්බන්ධව විවිධ පාර්ශවයන් ඖෂධ සඳහා මෙම පද්ධතිය හරහා ඉදිරිපත්කළ ලිපි ලේඛන ඇතුළත් ගොනු , ඔසුසැල් ලියාපදිංචිය සහ ලියාපදිංචිය අලුත් කිරීමට අදාළ ලේඛණ ගොනු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. තවද මෙම දත්ත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ගෙන ඇති බවත් BACKUP යොදා ගෙන එම දත්ත ප්‍රතිශ්ඨාපනය කර ඇතැයිද ඉක්ටා ආයතනය පහසුකම් සපයන අනෙකුත් රාජ්‍ය ආයතනයන්ගේ දත්ත පද්ධති වලට කිසිදු අනතුරක් නොවන බවට ඉක්ටා ආයතනය දැනුම් දී ඇති අමාත්‍යවරයා කීය. කිසිදු අවස්ථාවක විවිධ වෙළෙඳනාම ඔස්සේ ඖෂධ ආනයනය කරන සමාගම් වලට සිය අභිමතය පරිදි ඉහළ මිල ගණන් වලට ඖෂධ අලෙවි කිරීමේ අවධානමක් නොමැති බවද ඒ මහතා සඳහන් කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page