top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජාතික ආර්ථිකය නඟා සිටුවීමට රුවන් පුරයෙන් ශක්තියක් ලබාදෙනවා....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 31, 2022
  • 1 min read

ree

පසුගිය කාලපරිච්ඡේදයේදී කොරෝනා වසංගතය හේතුවෙන් කඩාවැටුණු ආර්ථිකය ගොඩනැංවීමට රුවන්පුරයේ මැණික් කර්මාන්තය ඉදිරියේදී ශක්තියක් වනබව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි .

අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කලේ රුපියල් මිලියන 950 ක වියදමකින් ඉදිකරන 'මිණිපුර සිටි ' මැණික් හා වෙලඳ මධ්‍යස්ථානයට මුල්ගල තැබීම නිමිත්තෙන් පැවති උත්සවය අවස්ථාවේදීය. මහල් 7කින් යුතු මෙම මධ්‍යස්ථානයේ මැණික් අලෙවි කිරීමේ වෙලඳසල්20 ක්,සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක්,නවීන තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක්, අවන්හල්, රථගාල් කිහිපයක් පිහිටුවීමට සැලසුම් කරඇත . මෙම අවස්ථාවේදී තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය : පසුගිය දිනක ගරු ජනාධිපතිතුමා රත්නපුර නගරයේ කරන ලද සංචාරයේදී රත්නපුර නගරයේ සංවර්ධන කටයුතු කඩිනම් කරන මෙන් උපදෙස් ලබාදුන්න.ඒ අනුව අදියර කිහිපයකින් සිදුකරනු ලබන නගර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට මේ වනවිට ආරම්භකර තිබෙනවා .ඉන් එක් අවස්ථාවක් ලෙස මෙම මැණික් හා වෙලඳ මධ්‍යස්ථානය හැඳින්විය හැකියි . මෙම මධ්‍යස්ථානය තුළ ජාත්‍යන්තර වශයෙන් මැණික් ව්‍යාපාර කටයුතු සිදුකිරීමට අවශ්‍ය මාර්ගගත පහසුකම් සලසා තිබෙනවා .ඒ අනුව රත්නපුර මැණික් ව්‍යාපාරිකයන්ට තමන්ගේ මැණික් වලට හොඳ මිලක් ලබාගැනීමට හැකිවෙනවා , එමෙන්ම රජයට විදේශ විනිමය ලැබෙනවා. එමෙන්ම කිසිම ණය මුදලක් නොගෙන මෙම ගොඩනැගිල්ල රත්නපුර මහ නගර සභාවෙ මුල්‍ය ප්‍රතිපාදන වලින් ඉදිකිරීම පිලිබඳව නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා ඇතුළු සියලුම මන්ත්‍රී මන්ඩලයටත් නගර සභාවෙ කාර්ය මන්ඩලයටත් මාගේ ගෞරවනීය ස්තුතිය පලකරනවා. මෙම අවස්ථාවට සුළු අපනයන ⁣බෝගරාජ්‍යඅමාත්‍යජානකවක්කුඹුර,සබරගමු පලාත් සභාවේ සභාපති කංචන ජයරත්න, රත්නපුර මහනගර සභාවෙ නගරාධිපති ටිරෝන් අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ .



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page