top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ජාති ආගම් උස් පහත් භේදයක් නොමැතිව සියලු දෙනාටම එක සේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 24, 2022
  • 1 min read

ree

ජාති ආගම් උස් පහත් භේදය අනුව නීතිය ක්‍රියාත්මක වීමේදී යම් අසමානතා සිදුවන බව උදාහරණ සහිතව පෙන්වා දෙන මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේ එසේ නොමැතිව සියලු දෙනාටම සමානව සලකන නීතියක් සකස් විය යුතු බව අවධාරණය කළහ.

'එක රටක් එක නීතියක්' සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය දකුණු පළාතේ අදහස් විමසීම (22) දික්වැල්ල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුණ අතර එහිදී අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ. ආගමික නියෝජිතයෝ සහ වතුකම්කරු පිරිස් ද සිය යෝජනා කාර්ය සාධක බලකායට ඉදිරිපත් කළ අතර ඇතැම් පිරිස් ලිඛිත යෝජනා භාර දුන්හ . අතීතයේ දී ශ්‍රී ලංකාව එක නීතියක් ක්‍රියාත්මක වූ රටකි. විවිධ ආක්‍රමණත් සමග එය වෙනස් විය. මේ තත්ත්වය වෙනස් කර එක රටක, එක නීතියක් ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහය ජිනරතන හිමියෝ ඇගයීමට ලක් කළහ. ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම උතුරු පළාතෙන් ආරම්භ කළහ. අනතුරුව නැගෙනහිර, ඌව පළාත් වල මෙන්ම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටා ඇති කාර්යාලයකින් දී ද දිවයිනේ විවිධ පළාත් වලින් පැමිණි පිරිස් කාර්ය සාධක බලකාය හමුවේ අදහස් පළ කළහ. දකුණු පළාතේ ජනතාවට අද දිනයේ දී ද තංගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී තම අදහස් ඉදිරිපත් කළ හැක. කාර්ය සාධක බලකායේ සභාපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, සෙසු සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, නීතිඥ සංජය මාරඹේ ,එරන්ද නවරත්න ,පානි වෑවලගේ යන මහත්වරු සහ ලේකම් ජීවන්ති සේනානායක මෙනෙවිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page