චීන රජයෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 127 ක වෛද්‍ය උපකරණ...
- helloplanetaviss
- Jan 11, 2022
- 1 min read

ශ්‍රී ලංකා රජය සිදු කළ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස රුපියල් මිලියන 127 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ක්ෂණිකව ලබා දීමට චීන රජය පියවර ගෙන ඇත.
එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාර දීම ඊයේ (10) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය. ශ්‍රී ලංකා චීන තානාපති කී ෂෙන්හොන් මහතා විසින් (Qi Zhenhong) ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාර දෙන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ද එම අවස්ථාවට සහභාගී විය.
Comments