top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

චීන නැව හම්බන්තොටින් යන දිනය ගැන අනාවරණයක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 17, 2022
  • 1 min read

ree

හම්බන්තොට වරායට සේන්දු යුවාන් වැන්ග් 5 චින නෞකාව ලබන සිකුරාදා තෙක් පමණක් මෙරට තුළ රැඳී සිටින බව තහවුරු කර තිබෙනවා. මෙම නෞකාව සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයෙන් අනතුරුව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නෞකාවට පැමිණීම සඳහා අවසර ලබාදුන්නා. ඒ, ඊයේ සිට ලබන 22 වනදා දක්වා මෙරට තුළ රැඳී සිටීමට හැකි බවට දන්වමින්.

එහෙත් නෞකාව ලබන 19 වනදා හම්බන්තොට වරායෙන් පිටත්වන බව මේවනවිට තහවුරු කර තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමේදී හාබර් මාස්ටර්වරයා පැවසුවේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් යුවාන් වැන්ග් 5 නෞකාව මෙලෙස හම්බන්තොට වරායට පැමිණියේ නෞකාවට අවශ්‍ය ඉන්ධන, ආහාර ඇතුළු සැපයුම් ලබාගැනීමේ අරමුණින් බවයි.

දින 04 ක් වැනි සුළු කාලයක් හම්බන්තොට වරායේ රැඳෙන මෙම නෞකාව පිළිබඳ 03 වන පාර්ශවයක මැදිහත්වීම අනවශ්‍ය බව චීන විදේශ කටයුතු අමාතංශය ප්‍රකාශ කර ඇතැයි ද සඳහන්.

ආන්දෝලනයක් ඇති කළ චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව ඊයේ පෙරවරුවේ මෙරටට සේන්දු වුණා. ඒ, මෙම නෞකාවේ ශ්‍රී ලංකා ගමන පිළිබඳ ඉන්දියාව මෙන්ම අමෙරිකාව පවා දැඩි අවධානයෙන් පසුවන පසුබිමක් තුළයි. චීනයේ චන්ද්‍රිකා පර්යේෂණ සහ ගවේෂණ නෞකාවක් වන අධි තාක්ෂණයෙන් යුතු මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණේ ඉකුත් 11 වනදායි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page