top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

චුන්ඩි කුලම් කලපුවේ නීති විරෝධී ඉස්සන් කොටු වහා ඉවත් කිරීමට පියවර....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 8, 2022
  • 1 min read

ree

චුන්ඩි කුලම් කලපුවේ නීති විරෝධී ඉස්සන් කොටු වහා ඉවත් කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

යාපනය චුන්ඩි කුලම් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා එහිදී චුන්ඩි කුලම් කලපුවෙහි නීති විරෝධීව සකස් කර ඇති ඉස්සන් කොටු නිරීක්ෂණය කළ අතර එමගින් කළපුවට සිදුවන හානිය සොයා බලා වහා එය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. නීති විරෝධී ඉස්සන් කොටු පවත්වාගෙන යාම නිසා අස්වනු නෙලන ප්‍රමාණයට වර්ධනය වීමට පෙර ඉස්සන් අල්ලා ගැනීම තුළ ධීවරයන්ගේ ආර්ථිකයට විශාල පාඩුවක් සිදුවෙන බවත්, එසේම එය ජාතික ආර්ථිකයටද යම් බලපෑමක් එල්ලවීම නිසා මෙම කොටු ඉවත් කරන බවට අමාත්‍යවරයා පැවසීය. මෙහිදී ධීවර සංගම් පෙන්වා දුන්නේ චුන්ඩි කුලම් කලපුවේ ධීවර රැකියාවේ නියුතු වන ධීවරයන් නෙලා ගන්නා අස්වැන්න වියදමටවත් ප්‍රමාණවත් නොවීම නිසා මෙසේ ඉස්සන් කොටු තැනීමට ධීවරයන් පියවර ගෙන ඇති බවයි. ධිවර සංගම් වල අදහස් වලට සමන් දුන් අමාත්‍යවරයා පවසා සිටියේ, මෙම කලපුවේ සිටින කුඩා ඉස්සන් පැටවුන් අල්ලා ගැනීමෙන් දීර්ඝ කාලීනව මෙහි රැකියාව කරන ධීවරයන්ගේ ආර්ථිකයට බාධා ඇති වන බවත්, ඉදිරියේදී මෙහි ඉස්සන් ගහනය වැඩි කිරීම සඳහා ඉස්සන් පැටවුන් මිලියන් 10 ක් තැන්පත් කිරීමට අපේක්ෂා කරන බවයි. අතර තමන් මෙම ප්‍රදේශයේ ධීවර ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් සෑම විටම කටයුතු කරන බවත්, එය විශ්වාස කර තමන් හා එක්වන ලෙසත්, එසේකටයුතු කරන සියලු දෙනාටම යහපත් ආර්ථිකයක් ගොඩනැගීමට තමන් ක්‍රියා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page