top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90කට කොවිඩ් මර්දන එන්නත දී අවසන්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 2 min read

ree

කොවිඩ් රෝගය නිවාරණය පිණිස දකුණු ආසියාවේ ගර්භනී මාතාවන් එන්නත්කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළේ, ශ්‍රී ලංකාව බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90කට එන්නත් දී ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.

විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණයේ වත්මන් තත්ත්වය සහ ළමුන්, තරුණ තරුණියන් සහ ගර්භණී මාතාවන් එන්නත්කරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (21) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පෙන්වාදෙන පරිදි කොරෝනා වෛරසය ආරම්භයේ සිට මේ දක්වා ගර්භනී කාන්තාවන් 5000ක ට පමණ කොරෝනා ආසාදනය වී ඇත. දැනට 200ක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. 52 දෙනෙක් මරණයට පත්වී ඇත.සියලුම මරණ සිදුව ඇත්තේ 2021 මැයි මාසයන් පසුවය. ශ්‍රී ලංකාවේ වසරකට මාතෘ මරණ 100ක් පමණ වාර්තවන අතර කොරෝනා රෝගයෙන් පමණක් මාතෘ මරණ 52ක් සිදුව තිබීම කණගාටුවට කරුණකැයි වෛද්‍යවරිය කීවාය. එබැවින් ගර්භනී කාන්තාවන්ට එන්නත්දීම ආරම්භ කළ බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90ක් එන්‍නත ගෙන තිබෙන බවත් පැවසූ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය එන්නත ගැනීමෙන් ගර්භනි මාතාවන්ට ඇතිවිය හැකි සංකූලතා අඩු කර මරණයට පත්වීමේ සම්භාවිතාව අවම කර ගැනීමට හැකිවන හෙයින් කිසිදු බියකින් තොරව එන්නත ගන්නා ලෙස ගර්භනී මාතාවන්ගෙන් මෙන්ම තරුණ මහලු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියාය. ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 130 ක ට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව දී තිබේ. පළමු මාත්‍රාව ගත් ජනගහනයෙන් සියයට 50ක ට දෙවන මාත්‍රාව දී ඇත. ශ්‍රී ලංකාවේ එන්නත්කරණය දකුණු ආසියාවේ ඉතා ඉහළ ප්‍රතිශයක් හිමිකරගෙන ඇතැයි වෛද්‍යවරිය පැවසුවාය. රෝගී උපකාරක සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා 2021 අගෝස්තු මස 17දා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයට අනුව ආරම්භ කරන ලද දුරකථන අංක 247 සහ 1904 යන කෙටි පණිවුඩ සේවාව ඔස්සේ රෝගීන් රැසක් වෛද්‍යවරුන් සමඟ සමබන්ධවූ බවත් ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා සෙසු සේවාවන් සම්බන්ධීකරණය කළ බවත් කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පැවසීය. මෙතෙක් ලැබී ඇති සහ තවදුරටත් ලැබෙන දුරකථන සහ කෙටි පණිවුඩ සලකා බැලීමේදී රෝගය යම්තාක් දුරට පාලනය වී ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. මෙම සාකච්ඡාවට එක්වූ කොළඹ ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පශ්චාද් කොවිඩ් සමය තුළ සංකූලතා ඇති රෝගීන් රැකබලාගත යුතු ආකාරය පැහැදිලි කළාය. කොවිඩ් ආසාදනයවී සුවය ලැබුව ද අධි අවදානම් පසු කොවිඩ් තත්ව ලෙස සලකන කොවිඩ් නියුමෝනියාව, පෙනහැලි ධමනිවල ලේකැටි ඇතිවීම, පෙනහැලිවල ද්විතීයික බැක්ටීරියා ආසාදනය, හෘදයේ කිරීටක ධමනිවල කුඩා රුධිරනාල කැටි ගැසීම, ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවීම, මෂ්තිස්ක පටකවල ආසාදන තත්ව ඇතිවීම විය හැකිය. එබැවින් රෝගියාට නියම කරන ලද ඖෂධ මාත්‍රාව නිසි පරිදි ලබාදීම, දිනකට 04 වරක් තත්ත්ව සුපරික්ෂාව, දිනකට ලීටර 02ක් දියර වර්ග ලබාදීම, පෝෂණීය ආහාර ගැනීම ඉතා වැදගත් බව ද වෛද්‍යවරිය කියා සිටියාය. පශ්චාද් කොවිඩ් සමයේ හුස්ම ගැනීමේ අපහසුතා, නින්ද නොයාම, අධික තෙහෙට්ටුව, හෘදය වස්තුවේ ස්පන්දනය වැඩිවීම සහ සමේ ලප ඇතිවීම ආදී සංකූලතා ඇතිවුවහොත් දුරකථන අංක 247 හෝ 1904 ඔස්සේ කෙටි‍ පණිවුඩයක් මගින් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව වෛද්‍ය සමරනායක මහත්මිය කීවාය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page