top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ගර්භණී මව්වරුන් අතරින් සියයට 90ක් මේ වන විටත් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන.....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 27, 2021
  • 2 min read

ree

මෙරට ගර්භණී මව්වරුන් අතරින් සියයට 90ක් මේ වන විටත් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ,ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලිද සිල්වා මහත්මිය සඳහන් කළාය.

ගර්භනී මව්වරුන් එන්නත්කරණ වැඩපිළිවෙල මේ වන විටත් සාර්ථකව සිදුවන බව පෙන්වා දුන් අධ්‍යක්ෂවරිය, මේ වන විටත් කොවිඩ් ආසාධිත ගර්භණී මව්වරු ප්‍රමාණය වාර්තා වීමද සීඝ්‍රයෙන් අඩු වී ඇතැයි සඳහන් කළාය. අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය චිත්‍රමාලි මහත්මිය මේ බව සඳහන් කළාය. මෙරට ගර්භනී මවුවරු 7000ට ආසන්න ප්‍රමාණයකට කොවිඩ් රෝගය වැළඳී ඇති බවත් , ඒ අතුරින් ගර්භනී මව්වරු 55 ක් , මිය ගොස් ඇති බවත් පැවසූ ඒ මහත්මිය , මෙම සියළු මරණ මෙම වසරේ මැයි මාසයෙන් පසු වාර්තා වූ බවද පෙන්වා දුන්නාය. තවද මෙම මරණයට පත් මවුවරු සියළු දෙනාම, කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා නොසිටීමද මෙහි විශේෂත්වයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙතරම් මාතෘ මරණ ප්‍රමාණයක් මෙරටින් වාර්තා වූ බවත් මේ හේතුවෙන් මාතෘ මරණ අනුපාතිකයද ඉහළගිය බව ඇය සඳහන් කළාය. දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දීම සම්බන්ධයෙන් බෝවන රෝග පිළිබඳ කමිටුව නිරන්තරයෙන් අවධානයෙන් පසු වූ බවත් , දරුවන් අතර කොවිඩ් වැළඳී සිදු වන මරණ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී , සංජනනීය ආභාධ ඇතුළු රෝග තත්වයන් ඇති දරුවන් වැඩි වශයෙන් මරණයට පත්ව ඇති බව හඳුනාගෙන් තිබේ. ඒ අනුව විවිධ රෝගාබාධ සහිත දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ප්‍රථමයෙන් ලබා දීමට තීරණය කළ බව චිත්‍රමාලි මහත්මිය සඳහන් කළාය. 1961 වසරේදී ළදරු එන්නත්කරණ වැඩපිළිවෙළ මෙරට ආරම්භ කළ අතර ලෝකයේ සහ දකුණු ආසියානු රටවල් අතරින් ළදරු එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ඉහළින්ම සිටී. 1978 වසරේ සිට වඩාත් පුළුල් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, දරුවන්ට සෑදෙන රෝගාබාධ පරීක්ෂා කර බලමින් නිරන්තර අවධානයෙන් පසුවෙමින් උපතේ සිට දරුවන්ට එන්නත් ලබා දීම සිදුකරයි. වසංගත රෝගවිද්‍යා අංශය, මෙම ළමා එන්නත්කරණ වැඩසටහන සඳහා වරින් වර නව එන්නත් එකතු කරමින් නිරන්තර අවධානයෙන් පසු වූ බැවනි රෝග පාලනය අතින් ඉහළින් සිටීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවත් , ඇතැම් රෝග මෙරටින් තුරන් කිරීමේ හැකියාවද ලැබුණු බව ඇය සඳහන් කළාය. දරුවන්ගේන් 90%ක් පමණ දෙනා මෙම එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා යොමු වන බැවින් අනෙකුත් දරුවන්ටද අවශ්‍ය ආරක්ෂාව ලැබෙන පෙන්වා දුන්නාය. ඇතැම් තරුණ තරුණියන් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමේ මැලිකමක් දැක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මද සරුභාවය, ලිංගික බෙලහීනතාවය වැනි ප්‍රජනන ගැටළු සහ කොවිඩ් 19 එන්නත්කරණය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය. මේ සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද ඇය අවධාරණය කළාය. එන්නතේ සංකුලතාවයන් සම්බන්ධ පෝස්ට් කොවිඩ් සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනය කරන බවද ඇය කීවාය

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page