top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ගම දියුණු කර රට දියුණු කිරීම රජයේ සංවර්ධන ප්‍රතිපත්තියයි-ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 21, 2022
  • 1 min read

ree

ගම දියුණු කර රට දියුණු කිරීම මෙම රජයේ සංවර්ධන ප්‍රතිපත්තිය බවත් එළඹෙන පෙබරවාරි මස 03 දින සිට රට පුරා වැඩ ලක්ෂයක් ආරම්භ කරමින් දැවැන්ත සංවර්ධන වැඩසටහනක් ආරම්භ කරන බව ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා (18) ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව ආණ්ඩු පක්ෂය ගෙන එන කල්තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වැව් ප්‍රතිසංස්කරණය කිරීම, ව්‍යවසායකයන්ට ඉඩම් ලබා දීම වැනි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක බවද අඩු සුදුසුකම් ඇති, විශ්‍රාම වැටුපක් ලැබීමට හෝ ‌‌අතිවාසිකම් නොමැතිව සිටි අඩු අධ්‍යාපන සුදුසුකම් ඇති තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දෙමින් සහ උපාධිදාරින් 60,000කට රැකියා ලබා දීමට මෙම රජය කටයුතු කර තිබේ. වසංගත සමයේ විදේශයන්හි සිටි ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට , ඔවුන්ට ආහාර නවාතැන් ලබා දීම වෙනුවෙන් රජය විශාල වියදමක් වැය කර තිබේ. මේ තත්වයෙන් හෝ රට කරගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට ස්තුතිවන්ත විය යුතු බවද චන්ද්‍රසේන අමාත්‍යවරයා කීය. කොවිඩ් මර්ධන වැක්සිනය නිපදවූ රටවල පවා ඒන්නත්කරණය නිසියාකාරව සිදු නොවන මොහොතක අද මෙරට තුන්වෙනි වැක්සීනයද ලබා දීම ආරම්භ කර ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ,පාසල් , කාර්යාල ආරම්භ කරමින් රට යථාතත්වයට පත් වෙමින් තිබෙන බවද සංචාරකයින් ද ක්‍රමයෛන් මෙරටට පැමිණෙමින් සිටින බවත් සීඝ්‍ර සංවර්ධනයක් සඳහා රට ගමන්කරන බවද කීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page