top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ගණන් ඉස්සූ භූමිතෙල් නිසා මාලු මිල තුන් ගුණයකින් වැඩිවීමේ අවදානමක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Aug 22, 2022
  • 1 min read

ree

භූමිතෙල් මිල සියයට 290 කින් පමණ ඉහළ දැමීම ධීවර ක්‍ෂේත්‍රයට එල්ල කළ දැඩි පහරක් බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක රත්න ගමගේ පැවසුවේ මෙම තීරණය හේතුවෙන් ලක්‍ෂ 16 ක් පමණ වන ධීවර පවුල්වල යැපෙන්නන් මෙන්ම මෙරට පොදු ජනතාවද පීඩාවට පත් වන බවයි.


භූමිතෙල් මිල වැඩි කළ ප්‍රතිශතය අනුව මාලු මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවයි ජාතික ධීවර මහා සම්මේලනයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් අසංක ප්‍රනාන්දු පැවසුවේ.


භූමිතෙල් මිල වැඩි කිරීම පවතින ජීවන වියදම හමුවේ තමන්ට දරා ගැනීමට නොහැකි බවයි වතු කම්කරුවන් ද පවසන්නේ. ගෑස්, විදුලිය සහ අනෙකුත් ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට වඩා භූමිතෙල් මිල ඉහළ දැමීම තමන්ට දැඩිව බලපාන බව ඔවුන් පෙන්වා දෙනවා.


මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ භූමිතෙල් මිල සංශෝධනය වසර ගණනාවකට පෙර සිදුවිය යුතුව තිබූ බවයි. ලංකා ඛනිජ තෙල් නීිතිගත සංස්ථාව පාඩු ලැබීම සදහා එක් ප්‍රධාන හේතුවක් වූයේ සහනාධාර මිලකට භූමිතෙල් අළෙවි කිරීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අඩු ආදායම්ලාභී පවුල්, ධීවර හා වැවිලි ක්‍ෂේත්‍රවලට අවශ්‍ය භූමිතෙල් ලබාගැනීම සදහා ඍජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇති බවද අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙනවා.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page