ගෑස් බෙදාහැරීම අද පස්වරුවේ ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා
- helloplanetaviss
- May 31, 2022
- 1 min read

ගෑස් බෙදාහැරීම අද පස්වරුවේ ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ, ඊයේ දිනය තුළ මෙරටට පැමිණි ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑමෙන් අනතුරුවයි.
අද දිනය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 50,000 ක පමණ ප්‍රමාණයක් බෙදා හැරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. ඒ අතරින් සිලින්ඩර් 30,000ක් පමණ කොළඹ සහ ගම්පහ නගරවලට බෙදාහැරීමට නියමිතයි.
ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට පැමිණීමේ දී අලෙවි නියෝජිතයින්ට දුරකථනය මගින් ඇමතුමක් ලබාදී අද දිනය තුළ ගෑස් ලබාගැනීමට හැකියාවක් තිබේ ද යන්න තහවුරු කරගෙන ගෑස් ලබාගැනීමට පැමිණෙන ලෙසයි ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
අද දිනයේ ගෑස් බෙදාහැරීම සිදුකරන අලෙවි නියෝජිත ලැයිස්තුව සිය වෙබ් අඩවියේ දක්වා ඇති බවද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සදහන් කළා.
Comments