ගුවන්ගමන් ප්‍රමාදයෙන් දකුණු කොරියාවට යාමට නොහැකි වූ පිරිසගේ රැකියා සුරක්ෂිතයි
- helloplanetaviss
- Jun 27, 2023
- 1 min read

ශ්‍රී ලන්කා ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඇතිවූ ප්‍රමාදයක් හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වීමට නොහැකි වූ රැකියා ලාභීන් පිරිස ( 25 දින) දකුණු කොරියාව බලා පිටත්ව යන ලදී.
2023.06.20 දින දකුණු කොරියාව බලා යාමට සූදානමින් සිටි රැකියාලාභීන් 52 ක (කණ්ඩායම් අංක 800) පිරිසකට ගුවන් යානයේ ඇතිවූ ප්‍රමාදය හේතුවෙන් තමන් බලාපොරොත්තු වූ පරිදි එදින දකුණු කොරියාව බලා යාමට නොහැකි විය.
මේ හේතුව නිසා ඔවුන්ට හිමිව තිබූ රැකියා අවස්ථාවන්ද නොලැබී යාමේ අවදානමක් පැවති අතර ඒ පිළිබඳව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සෘජුවම මැදිහත්වෙමින් කඩිනමින් ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරින් හට උපදෙස් ලබා දෙන ලදී.
ඒ අනුව ක්‍රියාත්මක වූ කාර්යාංශ නිලධාරින් දකුණු කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර එම පිරිස කඩිනමින් නැවත දකුණු කොරියාව බලා පිටත් කර හැරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ දින (2023.06.25) එම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්වුණි.
මිට අමතර දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා වරම් ලැබූ 52 දෙනෙකුගෙන් සමන්විත වූ 801 වන කණ්ඩායමද ඊයේ දින (2023.06.25) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව යන ලදී.
Comments