top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක් කළ යුතුයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 24, 2021
  • 2 min read

ree

තිරසර ආහාර පද්ධති යනු ශ්‍රී ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසක් ...  පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයන්ගේ අරමුණ විය යුතුයි ...  අප මුහුණදෙන අභියෝග විශ්වීය වන අතර ඒවාට විසඳුම් සෙවීමට එක්ව වැඩ කරමු ...  කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයේදී තාක්ෂණික සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නවා ... - ජනපති එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ මාර්ගගත සභාව අමතමින් කියයි.

ගෝලීය ආහාර පද්ධති වඩාත් තිරසර පරිවර්තනයකට ලක් කිරීම ඉතා වැදගත් අතර, ඒ සඳහා සියලුම පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ මාර්ගගත සභාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව ඊයේ (23) නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව ආරම්භ කෙරිණි. ''අපට අවශ්‍ය අනාගතය සඳහා වූ පියවර වේගවත් කිරීම''යන තේමාව යටතේ සංවිධානය කර තිබූ සමුළුවේ ප්‍රධාන දේශනය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා විසින් සිදුකරනු ලැබීය. කොවිඩ් වසංගතය ගෝලීය ආහාර සුරක්ෂිතතාවයේ පැවති දුර්වලතා පෙන්නුම් කළ අවස්ථාවක් බවත්, දේශගුණික විපර්යාසයන් සමග මෙම තත්ත්වය තවත් අයහපත් අතට හැරෙනු ඇති බවත් සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ. තිරසර ආහාර පද්ධති යනු ශ්‍රි ලංකාවේ සාරවත් සමාජ සංස්කෘතික හා ආර්ථික උරුමයේ කොටසකි. ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට අයහපත් බලපෑම් එල්ල කරන රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමට තම රජය මෑතකදී ගත් පියවර තිරසර සංවර්ධනය පිළිබඳ වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සන්ධිස්ථානයක් බව ජනාධිපතිතුමා පැවසීය. දීර්ඝකාලීනව රසායනික පොහාරවලට හුරු වූ ගොවීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම දුෂ්කර වන අතර කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි දේශීයව නිෂ්පාදනය කිරීම ද අභියෝගයක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ සඳහා තාක්ෂණික සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශ්‍රිලංකාව සාදරයෙන් පිළිගන්නා බව සඳහන් කළේය. කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ග්‍රාමීය දරිද්‍රතාව අවම වන අයුරින් වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආහාර දාමයන් වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය තිරසර ලෙස පරිවර්තනය කිරිමට සහ වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවයක් ඇතිකර ගැනීමට හැකි වනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහාය අගය කළ ජනාධිපතිතුමා අනෙකුත් ගෝලීය සංවිධාන සහ විද්‍යාත්මක ආයතනවලින් ලැබෙන සහායට ද සිය ස්තූතිය පිරිනැමීය. තම රටවැසි ජනතාවට සහ පෘථිවියට යහපත් අනාගතයක් සහතික කිරීම සියලු රාජ්‍ය නායකයන්ගේ අරමුණ විය යුතු අතර එහිදී මුහුණදීමට සිදුවන ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය. මිනිසාගේ මෙන්ම පෘථිවියේ සෞඛ්‍ය යහපත් ලෙස පෝෂණය කළ හැකි පරිදි ගෝලීය ආහාර පද්ධති පරිවර්තනය කිරීමට එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව මග සළසනු ඇති බවට ද ජනාධිපතිතුමා විසින් විශ්වාසය පළ කරනු ලැබිණ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page