top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ආරක්ෂක අංශ නව දැනුමින් සන්නද්ධ කළ යුතුයි

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 15, 2023
  • 2 min read

ree

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.


ජාත්‍යන්තරයේ සිදුවන හමුදා ක්‍රියාකාරකම් දෙස බැලූ විට මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙලුම් පොකුණ රඟ‍හලේදී (14) පස්වරුවේ පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 17 උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමිනි.ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලා 17ක් සඳහා දේශීය මෙන්ම විදේශිය හමුදා නිලධාරීන් 148 දෙනෙකු මෙහිදී උපාධි ලබාගත්හ.ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් ආරක්ෂක විද්‍යාලය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.ඉදිරි දශකයට ගැළපෙන පරිදි මෙරට ආරක්ෂක හමුදාව සූදානම් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශ රටවල ආරක්ෂක අංශ නිලධාරින්ටත් ශ්‍රී ලංකාවේ පාඨමාලාවලට සහභාගීවීමට අවස්ථාව සලසා දීම තුළින් ආරක්ෂක අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට හැකියාව පවතින බවද පැවසීය.ආසියානු කලාපයේ සන්නද්ධ හමුදා සාමාජිකයන් සතුව විශේෂ හැකියාවන් පවතින බවත්, එම හැකියාවන්ට කෘත්‍රීම බුද්ධිය වැනි නව තාක්ෂණික දැනුම එක් කිරීම මගින් නවීන ආරක්ෂක සේනාවක් ඇති කළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ආරක්ෂක උපාය මාර්ග කරුණු අධ්‍යනය කිරීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, කැඩෙට් පුහුණු පාසල සහ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය යන ආයතන ත්‍රිත්වයට විශාල කාර්යභාරයක් ඉටුකළ හැකි බවද ජනාධිපතිවරයා පැවසීය.ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුමේ දේශපාලනික ස්වභාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය අනුකම්පාව දිනා ගැනීම සඳහා විවිධ රටවල් ගෙන යන ක්‍රියාකලාපයද මෙහිදී අනාවරණය කළේය.

වර්තමානයේ ජාත්‍යන්තර යුද ගැටුම් ඇතැම් මාධ්‍ය ඔස්සේ මහජන කතිකාවතක් දක්වා විකාශනය වී ඇති බවත් එමඟින් ලෝක මහජන ආරක්ෂාවට අනිසි අන්දමින් බලපෑම් එල්ලවිය හැකි බවත් සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාම්ප්‍රදායික ආරක්ෂක යුද ක්‍රමවේදවලින් ඉවත්ව ගෙන යන මෙම යුද ගැටුම් ස්වභාවය අනාගත මානව වර්ගයාට බලපෑ හැකි අන්දම පිළිබඳ අධ්‍යනය කළ යුතු බවද සඳහන් කළේය.ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ‍විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ‍සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page