ගාලුමුවදොරින් නොයන බව අරගලකරුවන් කියයි
- helloplanetaviss
- Aug 4, 2022
- 1 min read

ගාලු මුවදොර පිටිය ආසන්නයේ විරෝධතා පැවැත්වීමට වෙන්කර ඇති ස්ථානයේ තවදුරටත් තමන් රැදී සිටින බව අරගලයේ නිරත පිරිස පවසනවා. ගාලු මුවදොර හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැදි සිටින සියලුම පුද්ගලයන්ට හෙට පස්වරු 5ට පෙර ඉන් ඉවත් වන ලෙස කොටුව පොලිස් ස්ථානය නිවේදනය කළේ ඊයේ දිනයේයි.
එම ප්‍රදේශවල රජයට හෝ නාගරික සංවර්ධනය අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගා කිරීම් වහා ඉවත් කර ගන්නා ලෙසටද පොලීසිය එහිදී අරගලකරුවන්ට දැනුම් දුන්නා. කෙසේවෙතත් අරගලයේ නිරත සමාජ ක්‍රියාකාරී නිමේෂ් සෙනෙවිරත්න පැවසුවේ විරෝධතාවල නිරත වන පුද්ගලයන්ට එහි රැදී සිටීමට නීතිමය අයිතියක් ඇති බවයි.
සමාජ ක්‍රියාකාරී චානක බණ්ඩාර පැවසුවේ සිය කණ්ඩායම අරගලයේ නිරතවුවද කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩසටහනක් සිදු නොකරන බවයි.
අරගලය ආරම්භ වූ සමයේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට සිට විරෝධතාවය ක්‍රියාත්මක වුවද මේ වන විට අට්ටාල, කූඩාරම් සමඟ විරෝධතාව පැවැත්වෙන්නේ විරෝධතා පැවැත්වීමට ගාලුමුවදොර පිටියේ වෙන් කර ඇති ස්ථානයේයි.
Comments