top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ගුරුවරුන්ට 5000 දීමනාව නැහැ!

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 20, 2022
  • 1 min read

ree

රාජ්‍යය පළාත් අංක 03/2022 දරණ චක්‍රලේඛයට අනුව රාජ්‍යය සේවකයින්ට ජනවාරි මස සිට රුපියල් 5000ක අතිරේක දීමනාවක් හිමි ගැන්වීම ගුරු සේවයට හිමි නොවන බවට වාර්තා වනවා.


අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයට අනුවයි මේ බව තහවුරු වී ඇත්තේ.


ඉහත අංකය දරණ අනුව 2022 ජනවාරි මස සිට රජයේ සේවකයින්ට හිමි ගැන්වෙන රුපියල් 5000 දීමනාව ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පෙරේදා (18) දිනයේ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.


මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවති ගණකාධිකාරිවරුන්ගේ රැස්වීමේදී යි.


එම අතිරේක දීමනාව අදාළ ගුරු වැටුප් පත්‍රිකාවේ පෙන්නුම් කළ ද, එය වැටුපට එක් නොකර ඇති බව ද නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේවෙතත්, ජනවාරි මාසයේ සිට රාජ්‍යය සේවකයින්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ පසුගිය 02 වැනි දිනයි.


මෙම දීමනාව විශ්‍රාමිකයන්ට ද ලබා දීමට තීරණය කෙරුණා.


ඒ අනුව විශ්‍රාමිකයන් ලෙස සිටින 666,480ක් දෙනාට ද රුපියල් 5000ක් මාසිකව අතිරේක දීමනාවක් ලෙසින් ලබාදීමටයි යෝජනා කෙරුණේ.

මේ අතර සමෘද්ධිලාභීන්ගේ 3500 මාසික දීමනාවට ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000ක දීමනාවක් ද හිමි ගැන්වීමට තීරණය කෙරුණු අතර, පර්චර්ස් 20ක ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට ද රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට තීරණය කරනු ලැබුවා. එසේම අක්කරයට අඩු පර්චර්ස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ද ලබාදීමට තීරණය කළේ.


මෙම අතිරේක දීමනාවයි රාජ්‍යය සේවයේ නියුතු වුව ද ගුරු සේවයේ නියුතුවූවන්ට හිමි ගැන්වීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරිවරයා නිකුත් කළ නිවේදනයට අනුකූලව දැක්වෙන්නේ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page