top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ගුරු වර්ජනයෙන් වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ ගම්බද ව වෙසෙන දුප්පත් අහිංසක පාසැල් දරුවන්ටයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 2 min read

ree

ගුරු වර්ජනයෙන් වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ ගම්බද ව වෙසෙන දුප්පත් අහිංසක පාසැල් දරුවන්ටයි. උතුරේ, නාගරික, ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල්වල මෙන්ම මුදල් තිබෙන පවුල්වල දරුවන්ට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ඉතා හොඳින් ලැබෙනවා- පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ගුරුවරුන්ගේ වර්ජනය නිසා වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ ගම්බද ප්‍රදේශවල සිටින අහිංසක දුප්පත් දරුවන්ටයි. උතුරු පළාතේ දරුවන්ටත් එම පළාතේ ගුරුවරු මෙම වර්ජනයට සහභාගි නොවී ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙනවා. ඒ වගේම ජාත්‍යන්තර පාසැල්, පුද්ගලික පාසැල් මෙන්ම මුදල් තිබෙන පවුල්වල දරුවන්ටත් මාර්ගගත ක්‍රමයට ඉතා හොඳින් අධ්‍යාපනය ලැබෙන බව අපි දන්නවා. නමුත් මෙම වර්ජනය නිසා වැඩිම බලපෑම එල්ල වී තිබෙන්නේ මේ රටේ ගම්බදව ජීවත් වෙන අහිංසකම හා දුප්පත් පවුල්වල දරුවන්ට යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, (21) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ගුරුවරුන්ට රුපියල් 5000ක මාසිකව අමතර දීමනාවක් ලෙස ලබා දීම ගුරු ගැටළුව සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ දෙයක් නොවේ. ගුරු වෘත්තීය සංගම් ඉදිරිපත් කළ ඉල්ලීම් 11න් 10කටම අපි නිශ්චිත විසඳුම් ලබා දුන්නා. අනික් ඉල්ලීම වැටුප් සම්බන්ධව. මේ වෙලාවේ වැටුප් වැඩි කිරීමක් කළ නොහැක්කේ ඒ සඳහා මුල්‍ය ප්‍රතිපාදන වෙන්ව නැති නිසයි. ඒ සඳහා ඉදිරි අයවැය මගින් විසඳුමක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. රුපියල් 5000 මාසික දීමනාව ලබා දීමට තීරණය කළේ මුදල් අමාත්‍ය තුමායි. එතුමා ඒ තීරණය ගත්තේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ගුරු සංගම් කළ ඉල්ලිම්වලට රජය විසින් විශ්වාසය පළ කිරීමේ වැඩ පිළීවෙළක් වශයෙනුයි. නමුත් ගුරු සංගම් රුපියල් 5000ක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ වගේම ඒ අය ඒ සම්බන්ධව ඉල්ලීමක් සිදු කර නැහැ. අනිත් එක අපි කමිටුව වශයෙන් කළ හැකි ඉහළම කටයුතු ගුරු ගැටළුව සම්බන්ධව ගෙන වාර්තාව ඉදිරිපත් කළා. රජය වශයෙන් එම කරුණු සියල්ලම පිළීගෙන තිබෙනවා. නමුත් වැටුප් සම්බන්ධව තීරණය කළ හැක්කේ අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කිරීමෙන් පමණයි. රජය කිසිවිටෙක ගුරුභවතුන්ගේ ගැටළු නොසළකා හැර හෝ අවතක්සේරුවකට ලක් කර නැහැ. නමුත් මම ගුරුභවතුන්ගෙන් දැනුත් ඉල්ලා සිටින්නේ මාර්ගගත අධ්‍යාපන කටයුතු ලබා දීමට ඉදිරිපත් වන ලෙසයි. මොකද මෙම වර්ජනයෙන් දරුණුම ලෙස පහර එල්ල වී තිබෙන්නේ තමන්ට කියා ටැබ් එකක්, ලැප්ටොප් එකක්, පරිගණයක් නැති අහිංසක දරුවන්ට. මං දන්නවා ගොඩක් අහිංසක දරුවෝ ඉගෙන ගත්තේ අනුන්ගේ උපකරණ දිහා බලලයි. මම ඊයේ නිවසකට ගියා . ඒ නිවසේ දරුවෝ තුන්දෙනාම හොඳ උපකරණ තුනක් තියාගෙන ඔන්ලයින් ඉගෙන ගන්නවා. නමුත් ඈත ගම්බද ව ජීවත්වෙන අහිංසක දරුවෝ තමයි අද මෙම ගැටළුවෙන් අසරණභාවයට පත්ව සිටින්නේ. ඒ නිසා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග විශ්වාස කර ඔන්ලයින් අධ්‍යාපනය ආරම්භ කරන ලෙස මම සියලුම ගුරුභවතුන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ වගේම ගුරු වෘත්තිය සංගම් මේ වන තෙක් අපෙන් සාකච්ඡාවක් ඉල්ලා නැහැ. ඒ වගේම මුදල් අමාත්‍ය තුමාගෙන් අපි ඉල්ලීමක් කළා ගුරු සංගම් නියෝජිතයින්ට හමු වීමට හා සාකච්ඡාවක් ලබා දෙන ලෙසට. මං හිතන්නේ එතුමා ඉදිරියේ දී ඒ සඳහා අවස්ථාවක් ලබා දෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page