top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ග්‍රාමීය කෘෂිකර්මාන්තයට ජලය ලබාදීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් වැව් පිළිසකර කෙරේ...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 11, 2022
  • 3 min read

ree

පවත්නා ග්‍රාමීය කෘෂිකර්මය සහ වැව් වැඩිදියුණු කර, උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට හැකිවන ආකාරයට සංවර්ධනය කිරීමේ නව සැලසුමක්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් මේ වන විට ක්‍රියාත්මක වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ කුරුණෑගල සිට අනුරාධපුර දක්වා තෝරාගත් වාරි සංවර්ධන ව්‍යාපෘතිය වැඩසටහනේ දෙවන අදියර යටතට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් මේ අනුව සංවර්ධනය කෙරේ. “වාරි සෞභාග්‍යා” වැඩසටහන යනුවෙන් හඳුන්වනු ලබන එම වැඩසටහන ක්‍රියාත්මක වනුයේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති, මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතාගේ අධීක්ෂණයෙන් මෙම වැව් පිළිසකර කිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය වාරි සෞභාග්‍යා වැඩ සටහනේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අදාළ කාර්යභාර්යය සිදු කරනු ලබයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සශයෝගය ද ඊට හිමි වී ඇත. මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වැව් 04 ක් තෝරාගෙන තිබේ. ඒ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්වන මලව වැව සහ උලන්කුලම යන වැව් 02 සහ තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන තිරප්පනේ වැව සහ ගල්කුලම වැව යන වැව් 04 යි. වර්ග මීටර් 186,555 ක් හෙවත් අක්කර 46.08 ක දළ කැණීම් ප්‍රදේශයකට අයත් වන මලව වැවෙන් කුඹුරු ඉඩම් අක්කර 78 ක් අස්වැද්දීමට හැකියාව පවතියි. උලන්කුලම වැවේ දළ කැණීම් ප්‍රදේශය වනුයේ වර්ග මීටර් 215,000 කි. එය අක්කරවලින් 53.11 කි. එයින් කුඹුරු අක්කර 130 කට ජලය සැපයේ. අක්කර 107 ක් හෙවත් වර්ග මීටර් 435,000 ක දළ කැණීම් ප්‍රදේශයක් තුළ පවතින තිරප්පනේ වැව කුඹුරු අක්කර 160 කට ජලය සපයයි. ගල්කුලම වැව කුඹුරු අක්කර 90 කට ජලය සපයන අතර එහි දළ කැණීම් ප්‍රදේශය වර්ග මීටර් 186,555 කට සීමා වී පවතී. එය අක්කරවලින් 46.08 කි. මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම යටතේ උලන්කුලම වැවෙහි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අවස්ථා 04 කට සීමා වී පවතී. ඒ රොන් මඩ හාරා ඉවත් කිරීම, වැව් තලය පිරිසිදු කිරීම, සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම සහ නාන තොටුපොල ඉදිකිරීම යන අවස්ථා 04 යි. මලන වැව සහ ගල්කුලම වැව යන වැව් 02 ක ප්‍රතිසංස්කරණ අවස්ථා 12 කට යටත්ව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව රොන්මඩ හාරා ඉවත් කිරීම, වැව් තලය පිරිසිදු කිරීම, වැව් බැම්ම ප්‍රතිසංස්කරණය, සොරොව්ව හා පිටවාන ප්‍රතිසංස්කරණය, නාන තොටුපොළ, සුවතා මංතීරුව, වාහන නැවතුම් අංගනය, ළමා ක්‍රීඩාංගනය, එළිමහන් ව්‍යායාම් පද්ධතියක්, සනීපාරක්ෂක පද්ධතියක් සහ එළිමහන් විවේකාගාරයක් යන සියල්ල ඉදිකිරීමට මෙන් ම පරිසර අලංකරණය කිරීමේ වැඩසටහන් සහ පැළ සිටුවීමේ වැඩපිළිවෙලක් ද එයට ඇතුළත් වේ. තිරප්පනේ වැව අවස්ථා 07 ක් යටතේ වන ප්‍රතිසංස්කරණයක් ලෙස ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව රොන්මඩ හාරා ඉවත් කිරීම, වැව් තලය පිරිසිදු කිරීම, වැව් බැම්ම ප්‍රතිසංස්කරණය, ළමා ක්‍රීඩාංගනය හා සනීපාරක්ෂක පද්ධතිය ඉදිකිරීම, සූර්ය බලශක්ති විදුලි ආලෝකකරණය සහ එළිමහන් විවේකාගාර ඉදිකිරීම සිදු කෙරේ. දෙවන අදියරට අයත්වන මෙම වැව් 04 ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතී. ඉතා නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කිරීමට නියමිත මෙම ව්‍යාපෘති තුළින් අරමුණු කිහිපයක් ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ ජලාශ්‍රිත පාරිසරික සමතුලිතතාවයට ඉවහල් වන ශාක පද්ධති රෝපණය කිරීම තුළින් සිදුවන පාරිසරික රැකවරණයයි. වගාකළ හැකි සියලු ඉඩම් යල - මහ කන්න දෙකෙහි ම වගා කිරීමට ද අපේක්ෂා කෙරේ. සංවර්ධනය කෙරෙන දේශීය කෘෂි කර්මාන්තය තුළින් වස විසෙන් තොර ආහාර ලැබීමේ හැකියාව ද පවතී. ගංවතුර ආපදාවන් අවම වීම, පාරිසරික උෂ්ණත්වය අවම වීම, වායුගෝලීය කාබන් ප්‍රමාණය අඩුවීම සහ පිරිසිදු වායුගෝලයක් නිර්මාණය වීම මෙම ක්‍රියාවන්ගෙන් සිදුවෙතැයි අපෙක්ෂා කෙරේ. එමෙන්ම තමන්ට හුරුපුරුදු ගොවි ජීවන රටාවට නැවතත් අවතීර්ණ වී කාර්යක්ෂම ශ්‍රම ප්‍රජාවක් නිර්මාණය කිරීම ද මෙහි තවත් අරමුණකි. මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම තුළින් හිමිවන විශේෂ ප්‍රතිලාභය වනුයේ මෙතෙක් වගා නොකළ ඉඩම් සියල්ල වගා කිරීම තුළින් ආර්ථිකයට ලැබෙන මහඟු දායකත්වයයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, වෙරළ සංරක්ෂණ සහ පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.එල්.ඒ. විජේසිරි, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ එක්වී මෙම වැව් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය වන වාරි සෞභාග්‍යා ක්‍රියාත්මක කරනු ලබයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page