top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ගෙදර සිටම NVQ සහතිකයක්- හැකියාව ඇති වෙනත් ක්ෂෙත්‍රයකින් ඉදිරියට යාමට දරුවන්ට අවස්ථාව...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 24, 2021
  • 2 min read

ree

දරුවෙකුගේම අධ්‍යාපනය විශ්ව විද්‍යාලයකින් අවසන් විය යුතු නැති බවත් ඒ දරුවන්ට තමන්ට හැකියාව ඇති වෙනත් ක්ෂෙත්‍රයකින් ඉදිරියට යාමට අවස්ථාව සළසා දිය යුතු බවත් ඔවුන්ගේ ශ්‍රමය රටක ආර්ථිකයට ලබා දීමට හැකිවන පරිදි මග පෙන්වීම කළ යුතු බවත් නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, “පාසැල් ළමුන් ගෙදර සිටම NVQ සහතිකයක් ගන්නේ කෙසේද?" යන මැයෙන්,(23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී zoom ඔස්සේ පැවති මාධ්‍ය හමුවේදී ය. දරුවන්ට අධ්‍යාපන අවස්ථා පිළිබඳ දැනුවත් කමක් නොමැති බවත් මේදින වල පාසැල් දරුවන් නිවෙස්වලට වී කාලය ගත කරන බැවින් තම ගුරුවරුන් සමග කතා බහ කර ගුරුහරුකම් ලබා ගැනීම අවස්ථාවක් නොමැති බවත් තමන්ගේ ජීවිතයේ වැදගත්ම කාලය නිවසට වී මග හරවාගෙන සිටින බව අමාත්‍යවරිය සදහන් කළාය. මෙම වැඩසටහන් මාලාවේ මූලික අරමුණ වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට දුරස්ථ අධ්‍යාපනය මගින් වෘත්තීය දැනුම බෙදාහැරීම බව පැවසු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය,මෙම වැඩසටහන් මාලාව මගින් විශේෂයෙන් 7,8.9 ශ්‍රේණිවල පාසැල් ළමුන්ට වෘත්තීය පුහුණු ක්ෂෙත්‍රය පිළිබඳව දැනුවත් කිරීමක් කර, තමන් කැමති වෘත්තීය ක්ෂෙත්‍රයකට සම්බන්ධවී ඊට ආදාළ පාඨමාලාවක් පාසැල් කාලයේදීම හැදෑරීමට සහ NVQ සහතිකයේ මූලාරම්භයට යෑමට අවස්ථාව සලසාදීමට හැකි බව පැහැදිළි කළාය. එසේම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය තාක්ෂණ ආයතන මගින් සිදුකෙරෙන විෂයමාලාවන් යටතේ මෙම පාඨමාලා පැවැත්වෙන අතර පාඨමාලා අවසන් කිරීමෙන් පසු එම සිසුන්හට ඉගැන්වීම් කළ ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ විෂයන් සාර්ථකව අධ්‍යනය කර, මාර්ගගත ක්‍රමය යටතේ පවත්වන විභාගයෙන් (Online Exam) අනතුරුව එයින් සමත් වූ සිසුන්ට පිළිගත් වෘත්තීය පුහුණු ආයතනය මගින් ප්‍රායෝගික පුහුණුව ලබා දීමටත් යම් සිසුවෙකුට පාසැල් කාලය අවසන් කර එම ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීම අවශ්‍ය නම් ඒ සදහා අවස්ථාවද ඇති බව පෙන්වා දුන්නාය. මෙම වැඩසටහන් මාලාව වෘත්තීය තාක්ෂණික ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි සැලසුම් කර තිබෙන බවත් මේ වන විට ICT,විදුලි කාර්මික,හෝටල් ක්ෂෙත්‍රය,ශීතකරණ අළුත්වැඩියාව යන ක්ෂෙත්‍රයන් සම්බන්ධයෙන් පාඨමාලා ඉගැන්වීම් කටයුතු ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරිය පැවසුවාය. එසේම අද දෙරණ 24 (Education) නාලිකාව ඔස්සේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙ.ව 7.30-පෙ.ව 8.00 දක්වා මෝටර් මැකෑනික් සහ හෝටල් කළමනාකරණ පාඨමාලාව මේ වන විට විකාශය වන අතර TV 1 නාලිකාවේන් සදුදා ,බදාදා ,සිකුරාදා දිනයන්වල ICT සහ ඉලෙක්ට්‍රොනික් පාඨමාලා විකාශය වීමට නියමිත ය. නුදුරේදීම අනෙකුත් රූපවාහිනි නාලිකා තුළින් ද විවිධ විෂය පාඨමාලා සිසුන් වෙත ගෙන ඒමට මේ වන විටත් සැලසුම් කර ඇති බවද අමාත්‍යවරිය පැවසුවාය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page