top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධ ඉදිරියේදී අඛණ්ඩව රෝගීන්ට ලබා දීමට කටයුතු කරනවා - සෞඛ්‍ය අමාත්‍ය

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Oct 30, 2023
  • 1 min read

ree

ඉදිරියේදී ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව රෝගීන්ට ලබාදීමට කටයුතු කරන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.


අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද පස්වරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණි අවස්ථාවේදීය. අද පෙරවරුවේ පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි වෙළඳ සැලක ඇතිවූ ගින්නෙන් තුවාල ලබා කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්වය සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා හදිසියේම අද පස්වරුවේ ජාතික රෝහලට පැමිණියේය.

එහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ හා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් 6 දෙනා පිළිබඳව සොයාබැලූ අමාත්‍යවරයා ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම ලබා දෙන ලෙස කොළඔ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ඇතුළු රෝහල් බලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගුණාත්මකභාවයෙන් යුත් ඖෂධ අඛණ්බව රෝගීන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතිබවත් සෞඛ්‍ය සේවයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී වෛද්‍ය සැපයුම්කරුවන්ගේ ගෙවීම් ඉක්මනින්ම ගෙවා අවසන් කරන බවයි.

එසේම පසුගියකාලයේ ලංකාවේ ඇතිවූ ආර්ථික අර්බුදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් රට හැරයාම වැලැක්වීම සඳහා වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් හට අවශ්‍ය පහසුකම් ලබා දීමට පියවර ගන්නා බවද පැවසිය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෘත්තිකයන් බඳවා ගැනිමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවූ බවත් ඒ අනුව සීමාවාසික වෛද්‍යවරුන් පිරිසකට අද දින පත්වීම ලබාදුන් බවත් ඉදිරියේදී හෙද හෙදියන් ඇතුළු අතුරු වෛද්‍ය සේවාව සඳහා බඳවා ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page