top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ගංඟා ආශ්‍රිත නගර 20 ක මළාපවහන කළමනාකරණ කටයුතු මෙම වසරේ ආරම්භ කිරීමට පියවර....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 8, 2022
  • 2 min read

ree

ගංඟා ආශ්‍රිත නගර 20 ක මළාපවහන කළමනාකරණ කටයුතු මෙම වසරේ ආරම්භ කිරීමට පියවර ගන්නා බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය දා පළාත් පාලන ආයතන 06 ක සනීපාරක්ෂක කටයුතු සඳහා රු. මිලියන 10 ක වටිනාකමකින් යුතු ගලි බවුසර් 06 ක් බෙදා දීමේ උත්සවයට සහභාගී වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කර සිටියේය; “මෙම වසරේ අපට ඇති විශාල අභියෝගයක් තමයි මේ මළාපවහන අපද්‍රව්‍ය කළමනාකරණය, පිරිපහදුව කියන කාර්යයන්. දැන් මේ ලබාදෙන්නා වූ ගලි බවුසර් මඟින් යම් ආකාරයකට ස්ථාන ගණනාවක අපේ නගර සභා පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යනු ලබන පිරිපහදු වැඩසටහන යටතේ මළ ද්‍රව්‍ය සියල්ලම පිරිපහදු කිරීම සඳහා අපි ප්‍රදේශ වල සනීපාරක්ෂාව සැලසුම් කර තිබෙනවා. එබඳු ස්ථාන 20 ක් ලබන අවුරුද්ද තුළ ආරම්භ කිරීමටයි අපේ බලාපොරොත්තුව.” එමෙන්ම, තවත් ස්ථාන 20 ක ස්ථාන පිරිපහදු මධ්‍යස්ථාන පිහිටුවා මේ ආකාරයෙන් ගලි බවුසර් වලින් ඒ තැන් වලට මේ මළ ද්‍රව්‍ය ගෙනවිත් සියල්ලම පිරිපහදු කර අනතුරුව පිරිසිදු ජලය ගංඟා ජලයට එකතු කරනවා. ඉතිරි සියලු මළ ද්‍රව්‍ය වියළි බවට පත්කරලා පොළොවට එකතු කරනවා. ඒ නිසා මේ රටේ සනීපාරක්ෂාවට විශාල මෙහෙවරක් ඉටුවෙනවා. විශේෂයෙන්ම අපේ රටේ බොහෝ නගර ආශ්‍රිත ගංඟාවල් තමයි අපේ ඉලක්කය. පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ලේ ප්‍රදේශයේ ඉතාමත්ම විශිෂ්ඨ ගනයේ පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට පැවරුවා. එමඟින් අපට හැකියාව ලැබුනා තවත් පළාත් පාලන ආයතන ගණනාවක ප්‍රදේශ ආවරණය වන පරිදි මේ මල ද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන මෙම ස්ථානයේ පිරිපහදු කර සනීපාරක්ෂක තත්ත්වය ප්‍රදේශය පුරා ඇති කරන්න.” යනුවෙනි. ඒ අනුව, ජලය සපයනවා මෙන්ම ජලය දූෂණය වීමට හේතුවෙන තත්ත්වයන් හා වටපිටාව වෙනස් කිරීමේ කාර්යය භාරය ද මෙම අවුරුද්දේ දී ඉටුකිරීමට තමන් බලාපොරොත්තු වෙන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. මෙම අවස්ථාවට ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය (ඉංජි.) ප්‍රියත් බී. වික්‍රම, ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.යූ.කේ. රණතුංග, අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සරත් ආර්. රණසිංහ උපදේශක සඳක ගුණසේකර, සහ මාධ්‍ය ලේකම් සංජීව ධම්මික යන මහත්වරුන් ද සහභාගී වීය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page