top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කලිපානවෙල ග්‍රාම නිළධාරී වසමේ කඳුකර, බෑවුම් සහිත ප්‍රදේශයක නායයෑමක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Dec 11, 2023
  • 1 min read

ree

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කලිපානවෙල ග්‍රාම නිළධාරී වසමේ කඳුකර, බෑවුම් සහිත ප්‍රදේශයක පසුගියදා (9) නායයෑමක් සිදුවී ඇති බවත් ආපදා පෙර සූදානම හේතුවෙන් ජීවිත රැසක් ආරක්ෂා වූ බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.


ඒ අනුව 08 වැනි දින මෙම ප්‍රදේශයේ නායයෑම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය වීමෙන් අනතුරුව පළාතේ රාජ්‍ය ආයතන නිළධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කර නායයෑම් අධි අවදානම් ලෙස හදුනාගත් පවුල් 25ක් පමණ එම ස්ථානයෙන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ඇත.


මෙම ස්ථානය 9 වැනිදා නායයෑමකට ලක් වූ අතර නායට පෙර අවදානම් සහිත පුද්ගලයින් එම ප්‍රදේශයෙන් ඉවත්කර තිබීම හේතුවෙන් කිසිදු ජීවිතයකට හානියක් සිදු වී නොමැත. පෙර හඳුනාගත් නායයෑම් අධි අවදානම් නිවාස 6ක් මෙම සිදුවීමෙන් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.තවද, ඒ අවට ජනතාවට නායයාම් පිළිබඳ ව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය උපදෙස් ලබාදී ඇත.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page