top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

'කර්මාන්ත 2022 '' ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත වෙයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 5, 2022
  • 2 min read

ree

'කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය' (03) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඇරයුමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන 'කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට' මෙරට ප්‍රමුඛතම කර්මාන්ත ක්ෂේත්‍ර 20ක් නියෝජනය කරමින්, ඉදිරිපෙළ කර්මාන්තකරුවෝ ප්‍රදර්ශන කුටි 400ක් ඉදිරිපත් කර තිබේ. අද ඇරඹි 'කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය' පෙබරවාරි 06 වැනි දා දක්වා උදෑසන 9:00 සිට රාත්‍රී 9:00 තෙක් නරඹන්නන්ට විවෘතය. ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ මූලික අරමුණ වන්නේ දේශීය කර්මාන්තකරුවාට දෙස්, විදෙස් ආයෝජන අවස්ථා මෙන්ම නව වෙළෙඳපළ අවකාශයන් නිර්මාණය කර දීමයි. එමගින් ඔවුනට නව වෙළෙඳපළ අභියෝගයන්, තාක්ෂණික හා ප්‍රාග්ධන අභියෝගයන් ජය ගත හැකි පරිසරයක් නිර්මාණය කර දීමට අපෙක්ෂිතය. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පිරිසට දේශීය කර්මාන්තයන්හි ස්වභාවය හඳුන්වාදීමත් ඔවුන් තුළ දේශීය කර්මාන්ත ඇරැඹීමට උනන්දුවක්, පරිචයක් පවතී නම් ඒ වෙනුවෙන් වන මගපෙන්වීම, තාක්ෂණික දැනුම ලබාදීම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සම්බන්ධ කර දීම පමණක් නොව ප්‍රාග්ධනය සපයාගත හැකි ආයතන සම්බන්ධකර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සැපයීම මෙම ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ තවත් අරමුණකි. එපමණක් නොව මෙහිදී ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන අපගේ අනාගත පරපුර, එනම් පාසල් සිසුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. ඔවුනට තම හැකියාවන් හා කැමැත්ත මත, විධිමත් වෘත්තීය පුහුණුවක් හරහා ව්‍යවසායකයකු වීමට අවශ්‍ය අභිප්‍රේරණය ඇති කිරීමට ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සූදානමින් සිටී. තවද මෙම ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය තුළින් විශ්වවිද්‍යාල, වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් කර්මාන්ත ක්ෂේත්‍රය මුල් කොට ගෙන සිදු කරනු ලැබූ නව නිපැයුම් සහ විවිධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීමට මෙන්ම එම නිපැයුම් ප්‍රායෝගික නිෂ්පාදන යාන්ත්‍රණයකට සම්බන්ධ කර දීමට අවශ්‍ය පහසුකම් සපයාදීමට ද කටයුතු යොදා තිබේ. අද පැවති සමාරම්භක උළෙලට සමගාමීව මෙරට වාහන නිෂ්පාදන සහ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින දේශීය කර්මාන්තකරුවෝ මෙරටදී නිෂ්පාදනය කරන ලද සහ එකලස් කරන ලද තම වාහන, කොළඹ බෞද්ධාලෝක මාවත ඔස්සේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය දක්වා පෙළපාලියක් මගින් පැමිණ ප්‍රදර්ශනය කිරීම ද සිදුකෙරිණි. එසේම කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පිළිබඳ තොරතුරු ඇතුළත් ජංගම දුරකථන යෙදවුමක් (Job Portal Mobile Application) මෙම අවස්ථාවේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කෙරිණි. මෙහිදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු අදහස් දැක්වූහ. වේවැල්, පිත්තල, මැටි, ලී බඩු, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, මහකොමසාරිස්වරු, තානාපතිවරු ඇතුළු රාජතාන්ත්‍රික නිලධාරීහු හා සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page