top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කටුනායක ගුවන් තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක්....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 10, 2022
  • 1 min read

ree

 ජනවාරි මස මුල් දින හයේ දී සංචාරකයින් දහසයදහසක් මෙරටට ඇවිත්.......

ගුවන් තොටුපොළ හරහා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිට වූ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ (09) පෙරවරුවේ ඩුබායි සංචාරය නිම කර මෙරටට පැමිනි අවස්ථාවේ ගුවන් තොටුපොළේ දී ය. මෙරටට පැමිණෙන එන්නත් මාත්‍රාවක් ලබා ගත් අය සඳහා දෙවැනි එන්නත් මාත්‍රාවද, එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් අය සඳහා බූස්ටර් එන්නත ද මෙහිදී ලබා ගත හැකිය. කඩා වැටුණු ආර්ථිකයක් නගා සිටුවීම, ලෝක වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම යන කරුණු දෙකම එකවර ජය ගැනීමේ අභියෝගය රට හමුවේ ඇති හෙයින් මෙවැනි ක්‍රියාමාර්ග වලට යොමු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. සාර්ථකව එන්නත්කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ මුල් රටවල් 10 අතර ශ්‍රී ලංකාව ද සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා එන්නත්කරණය සම්බන්ධයෙන් වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අගය කිරීමට ලක්වූ බවද කීවේය. ඒ අනුව සිනොෆාම් එන්නත් සදහා වැය වූ මුදල් ආසියානු සංවර්ධන බැංකුවත්, ෆයිසර් එන්නතට වැය වූ මුදල් ලෝක බැංකුවත් ණය ආධාරයකින් ගෙවා ඇත. එන්නත්කරන වැඩපිළිවෙල අසාර්ථක බව කීමට විරුද්ධ පක්ෂයේ ඇතැම් කණ්ඩායම් උත්සාහ කළත් එන්නත් මිලදී ගැනිමේ මුළු ක්‍රියාන්විතයම ජාත්‍යන්තර නිර්ණායක වලට එකඟව විනිවිදභාවයෙන් සිදු වූ බව මෙමගින් පැහැදිලියි. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ මගින් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ලංකාවට හැකි වූ අතර බිද වැටුනු සංචාරක ව්‍යාපාරයේ ක්‍රමානුකූල නැගී සිටීමක් දක්නට ඇති බවද කී අමාත්‍යවරයා ,ඉකුත් ජනවාරි මස පලවෙනි දා සිට 6 වැනිදා දක්වා වූ කාලය තුළ මේ රටට සංචාරකයන් 16000 අධික ප්‍රමාණයක් පැමිණ ඇතැයි ද පෙන්වා දුන්නේය. ලෝක වසංගතයකින් ජනතාව මුදවා ගනිමින් රටේ ආර්ථිකය නැංවීම සඳහා ගෙනියන වැඩපිළිවෙලට සහය දක්වනවා වෙනුවට වසංගතයෙන් හෝ බලයට පැමිණීමට උත්සාහ කරන අයට ජනතාව ඉදිරියේ දී පාඩම් කියාදෙන ඇතැයි ද අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page