top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 12, 2022
  • 1 min read

ree

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම, ශ්‍රි ලංකාවේ ජීවත්වන අපේ ජනතාවට , ආර්ථික වශයෙන් අපේ රටේ ආර්ථික මරුමස්ථානයක ආරම්භයක් ඉතිහාසයට එකතු වන දිනයක් වන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ජනවාරි (12) කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. නැගෙනහිර පර්යන්යේ වැඩ ජනවාරි (12) ආරම්භ වන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් බව අමාත්‍යවරයා පැවසීය. නැගෙනහිර පර්යන්තයේ දිග මීටර 1320ක් වන අතර මුළු භුමි ප්‍රමාණය හෙක්ටයාර් 75ක් වේ. මෙම පර්යන්යේ වැඩ 2024/07/04 වනවිට අවසන් කිරීමට නියමිත බව පැවසු අමාත්‍යවරයා, පර්යන්යේ පළමු මීටර 600යේ වැඩ නිමකිරීම 2023/07/04 වනවිට සිදු කරන අතර ඒ වනවිට SGS දොබකර 06ක් සහ RMG දොබකර 20ක් මෙම පර්යන්යේ ස්ථාන ගත කරන බවත් ,මෙහි දෙවන අදියරේ වැඩ නිමකිරිම 2024/01/04 වනවිට සිදුකර තවත් SGS දොබකර 03ක් සහ RMG දොබකර 20ක් ස්ථාන ගත කරන බවත් ,අවසන් අදියර 2024/07/04 වනවිට නිමකර තවත් SGS දොබකර 12ක් සහ RMG දොබකර 40ක් ස්ථාන ගතකර අංග සම්පූර්ණ පර්යන්තයක් ලෙස නැගෙනහිර පර්යන්තය නිමකරන බව අමාත්‍යවරයා පැවසීය. මේ වන විට ලෝකයේ ප්‍රබල වරායන් අතරින් අප 23වන ස්ථානයේ සිටින බව පැවසු අමාත්‍යවරයා , නැගෙනහිර පර්යන්තයේ වැඩ නිම කිරීමෙන් පසුව මිලියන 10.5 ධාරිතාවකින් බහාලුම් මෙහෙයවීමට හැකියාව ලැබෙන බවද අමත්‍යවරයා කීය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page