top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කැළණිය පොල්හේන ග්‍රාමයට සුවධරණී ඔසු කැඳසලක්...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 8, 2022
  • 1 min read

ree

කැළණිය, පොල්හේන සීවලී කැළණි තිලක ක්‍රීඩාපිටිය අසල ස්ථාපිත ඔසු කැඳසැල විවෘත කිරීම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කැළණිය සංවර්ධන කමිටු සභාපති, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (03) සිදුකෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම උදෙසා ක්‍රියාත්මක ගම සමග පිළිසදර වැඩසටහන මගින් ජනතා අවශ්‍යතා මත වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම කටයුත්ත සිදුවිය. මෙවර අයවැය යෝජනා යටතේ ගම සමග පිළිසදර වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධනය, පොදු යටිතල පහසුකම් සංවර්ධනය, පරිසර හා තිරසාර සංවර්ධනය සහ සමාජ සුභසාධනය හා සමාජ සංවර්ධනය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය කමිටුවේ අදහස් හා යෝජනා මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. එහිදී අදහස් දැක්වූ නීතීඥ සිසිර ජයකොඩි මහතා, මේ එළඹ තිබෙන්නේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය මගින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල සහයෝගයක්, දායකත්වයක් ඒ සදහා ලබාදී තිබෙනවා. ජනතාවගේ නිරෝගී සුවය උදෙසා ඖෂධීය ගුණයෙන් යුත් ඔසු කැද සදහා ජනතාව හුරු කරලීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ දිවයින පුරා මෙම සුවධරණී ඔසු කැදසැල් පන්සියයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද පැවසීය. මෙම ගම සමග පිළිසදර ව්‍යාපෘතිය කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔෂාන් නන්දසිරි මහතාගේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කර තිබෙන අතර මෙම අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කුමාරි වීරසේකර, කැළණිය ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වී සිටියහ.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page