කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු ඇරඹේ...
- helloplanetaviss
- Jan 14, 2022
- 1 min read

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිලියම් ලෙස හංගේරියානු රටේ මූල්‍යාධාර මත ඉදිකෙරන මෙම කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු නිලවශයෙන් මුල්ගල තබා ආරම්භ කිරීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහ හංගේරියානු රජයේ වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ Peter Szijiarto මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) කොහුවල මංසන්ධියේ දී සිදු කෙරිණි.
කොහුවල මංසන්දියේ සිට කොළඹ - හොරණ 120 බස් මාර්ගයේ මෙම ගුවන් පාලම ඉදිකරනු ලැබේ . ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු ගුවන් පාලම පහළින් නුගේගොඩ - කළුබෝවිල මාර්ගය වෙත ගමන් කළ හැකිය . හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදිකරන කොහුවල ගුවන් පාලම දිගින් මීටර 297ක් වන අතර පළල මීටර 9.4 ක් වේ. මේ සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 2648වේ.මෙම ව්‍යාපෘතිය මාස 22 කින් නිම කිරීමට අපේක්ෂිතය. මීට අමතරව ගුවන් පාලමේ පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මංතීරු 4ක මාර්ගයක් ඉදිකරන අතර නුගේගොඩ කලුබෝවිල මාර්ගයේ වාහන හැසිරවීම ආලෝක සංඥා (traffic signals )මගින් පාලනය කිරීමට කටයුතු යොදා ඇත.
Comments