top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කෘෂිකර් ම දෙපාර්තමේන්තුවේ මූලික බීජ වී නිෂ්පාදන ධාරිතාව 2024 වනවිට සියයට 91 දක්වා ඉහළට

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 28, 2023
  • 2 min read

ree

දැනට සියයට 61ක් පමණ වන මූලික බිත්තර වී නිෂ්පාදනය ඉදිරි වසර අවසන්වීමට ප්‍රථම සියයට 91ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.


ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් එකකට ලබන වී අස්වැන්න ඉහළ නැංවීමට ගුණාත්මක වශයෙන් ඉහළ අස්වැන්නක් ලබා දිය හැකි බීජ වී ගොවි ජනතාව භාවිත කළ යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. බොහෝ ගොවීන් තමන් එක් කන්නයක දී වගා කළ වී වලින් කොටසක් බීජ වී වශයෙන් යොදා ගැනීමට පුරුදු වී ඇති බවත් කන්න කිහිපයක් එකම වී වර්ගය වගා කිරීම නිසා ලැබෙන අස්වැන්න ක්‍රමාණුකූලව අඩු වන බව පෙනී ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

මේ නිසා ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි උසස් බීජ වී ගොවි ජනතාවට ලබා දීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති ගොවිපොළවල බීජ වී නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කර තිබේ. ජාතික වී නිෂ්පාදනය සඳහා වසරකට මහ කන්නය සඳහා හෙක්ටයාර් ලක්ෂ 08ක්ද, යල කන්නය සඳහා හෙක්ටයාර් ලක්ෂ 05ක් වශයෙන් හෙක්ටයාර් ලක්ෂ 13ක් වගා කෙරේ. මේ සදහා අවශ්‍ය සහතික බීජ ප්‍රමාණය බුසල් ලක්ෂ 65කි. මෙම ප්‍රමාණය සම්පූර්ණයෙන් නිපදවීමට නම් මූලික බීජ වී බුසල් 161,500ක අවශ්‍යතාවයක් පවතී. මේ වනවිට රජයේ බීජ වී නිෂ්පාදන ගොවිපොළ 11ක් මුලික බීජ වී නිෂ්පාදන කටයුතුවල යෙදී සිටිති.

ඒ අනුව 2007- 2009 කාල සීමාව තුළ රජයේ මුලික බීජ නිෂ්පාදනය බුසල් ලක්ෂයක් පමණ මට්ටමක තිබු අතර එම මූලික බීජ ගුණනය කිරීමෙන් ලබා ගත හැකි වූ සහතික බීජ ප්‍රමාණය රටේ ජාතික අවශ්‍යතාවයෙන් සියයට 61කි.

කඩිනම් ගොවිපොළ සංවර්ධන වැඩසටහන් හා අනෙකුත් සංවර්ධන වැඩසටහන් මගින් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම හා විවිධ තාක්ෂණික ක්‍රම භාවිතය මගින් 2019- 2021 කාල සීමාව වනවිට මූලික බීජ වී නිෂ්පාදනය බුසල් 150,000ක මට්ටමට ලඟා වීමට හැකි වී තිබේ. ඒ අනුව 2007- 2009 තෙවර්ෂයට සාපේක්ෂව 2019-2021 වනවිට මූලික බීජ වී නිෂ්පාදනය සියයට 50ක පමණ වර්ධනයක් ලබා ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර 2019-2021 නිපදවන ලද මූලික බීජ වී ගුණනය කිරීම මගින් ලබා ගත් සහතික බීජ ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයෙන් සියයට 91 සපුරාගැනීමට තරම් ප්‍රමාණවත් වේ. එමෙන්ම බීජ වී නිෂ්පාදන ගොවිපළවලට තවදුරටත් අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කර මූලික බීජ වී නිෂ්පාදන ඉළක්ක වන බුසල් 162,500ක ප්‍රමාණය 2022- 2024 කාලසීමාව වන විට ලඟා කර ගැනීමට හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර සහතික බීජ වී නිෂ්පාදනය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශය වෙත නිපදවනු ලබන මූලික බීජ විදිමත්ව හා කාර්යක්ෂමව ලබා දීම තුළින් බීජ සහතික කිරීමේ ක්‍රමවේදය මගින් නිෂ්පාදනය කරනු ලබන ජාතික අවශ්‍යතාවයෙන් සියයට 15ක් වන ප්‍රතිශතය සියයට 25ක් දක්වා ඉහළ නැංවීමට ද සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page