කොවිඩ් අරමුදලට Cloud - 9 ප්‍රසංගයෙන් රුපියල් මිලියනයක පරිත්‍යාගයක් ...
- helloplanetaviss
- Feb 15, 2022
- 1 min read

Cloud – 9 International Event ආයතනය, ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කරයි.
අදාළ චෙක්පත (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී Cloud – 9 International Event ආයතනයේ අධ්‍යක්ෂ, චමින්ද ජයසේන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාරදෙනු ලැබිණ. පසුගිය වසරේ දෙසැම්බර් 25වන දින CHEC Port City Colombo (Pvt) Ltd හා Cloud – 9 International Event ආයතනය එක්ව සංවිධාන කළ Cloud – 9 ප්‍රසංගයෙන් ලැබුණු මුදල් පරිත්‍යාග කරනු ලැබීය. CHEC Port City Colombo (Pvt) Ltd හි නීති හා වෙළඳ ප්‍රධානී එරික් ඕ (Eric Ou), සහකාර කළමනාකරණ අධ්‍යක්ෂ යු යෙකුයින්ග් (Yue Yeqing), Cloud – 9 International Event අධ්‍යක්ෂ දසුන් අබේසූරිය යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
Comments