top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කෙරවළපිටිය කිසිඳු සමාගමකට පැවරීමට අවසන් එකඟතාවයකට පැමිණ නෑ....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 22, 2021
  • 1 min read

ree

කෙරවළපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට ලබා දීමට කිසිඳු එකඟතාවයකට එළැඹ නොමැති බවත්, දැනට තිබෙන තත්වය යටතේ දෙපාර්ශවය සංකල්පීය එකඟතාවයකට පමණක් පැමිණ ඇති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( සැප්තැම්බර් 22 දා) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කෙරවළපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා ඉදිරියේ දී පාර්ලිමේන්තුවේදී සත්‍ය තත්ත්වය හෙළිකරනු ඇති බවත්, රජය නියෝජනය කරන පාර්ශවද අගමැතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්, කෙසේ වෙතත් කිසිඳු සමාගමකට පැවරීමට අවසන් එකඟතාවයකට පැමිණ නැති බවත්, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page