top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කුරුවිට හා බලංගොඩ නගරවල පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් සංවර්ධනයට පියවර....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 2, 2022
  • 3 min read

ree

“සියක් නගර” වැඩසටහන කඩිනමින් අවසන් කිරීම සඳහා සිදුකරන සංවර්ධන ව්‍යාපෘති යටතේ කුරුවිට නගරය සහ බලංගොඩ නගරය සංවර්ධනය කිරීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් අවසන් අදියරට පැමිණ ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම නගරවල පෞරාණිකත්වය ආරක්ෂා කරගනිමින් නව අලංකාරයක් ලබා දෙමින් එම නගර සංර්ධනය කෙරෙන්නේ ඒවායේ ආර්ථික වටිනාකම් ද ඉහළ යන ආකාරයට වීම විශේෂත්වයකි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන ව්‍යාපෘති සිදු කරනු ලබයි. රට පුරා විද්‍යානුකූල පදනමක් මත මූලික ජන අවශ්‍යතා හදුනාගනිමින් ක්‍රියාත්මක සියක් නගර වැඩසටහන යටතේ මේ වන විට ප්‍රධාන හා ප්‍රධාන නගර බවට පත්විය යුතු ග්‍රාමීය සහ අර්ධ ග්‍රාමීය නගර රැසක සංවර්ධන කටයුතු අවසන් කර ඇති අතර තවත් නගර කිහිපියක සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතී. ඒ අතරින් කුරුවිට නගරයේ සහ බලංගොඩ නගරයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති ළඟදීම ජනතා අයිතියට පත් කිරීමට සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි. සංවර්ධනයට ලක් කරනු ලැබූ කුරුවිට නගරය රත්නපුර නගරය ප්‍රධාන කරගනිමින් පිහිටා තිබේ. කුරුවිට නගර ව්‍යාපෘතිය යටතේ කුරුවිට පැරණි දුම්රිය ස්ථානයෙහි පෞරාණික බව ආරක්ෂා වන ආකාරයට අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතියි. ඒ යටතේ දුම්රිය ස්ථානය අවට පරිශ්‍රයේ පැල සිටුවා අලංකාර කෙරේ. මෙහි ඇති විශාල ගස් වටා ගඩොලින් තරමක් උසට අලංකාර ආරක්ෂක කොටුවක් ඉදිකෙර්. දුම්රිය ස්ථාන භූමිය අලුතෙන් සකසා භූමි අලංකරණය කිරීමට ද කටයුතු කරමින් සිටි. මෙම සංවර්ධන කටයුතු අවසන් වූ පසු දුම්රිය ස්ථානයේ සහ එම පරිශ්‍රයේ නිදහසේ ගැවසීමට අපේක්ෂා කරන සැමට මෙම ස්ථානය කදිම තෝතැන්නක් වනු ඇත. එමෙන් ම කුරුවිට දුම්රිය ස්ථානයේ පිහිටා ඇති පැරණි ඔරලෝසු කණුවෙහි අඩුපාඩු සකසා නැවත සංවර්ධනය කෙරේ. අවපැහැගැන්වී ඇති දුම්රිය ස්ථානය සහ ඔරලෝසු කණුව සුදුසු වර්ණවලින් වර්ණ ගැන්වීමට ද කටයුතු කර ඇත. කුරුවිට දෙල්ගමුව රජමහා විහාරය දළදා වහන්සේ කුරහන් ගල තුළ සඟවා ආරක්ෂා කළ පූජනීය ස්ථානයකි. එදා ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ විදෙස් සතුරු බලවේගවලින් දළදා වහන්සේට එල්ල වූ අනතුරුවලින් ආරක්ෂාව සැපයූ කුරහන් ගල අදටත් බෞද්ධයන්ගේ වැදුම් පිදුම්වලට ලක්වෙමින් දෙල්ගමුව රජමහා විහාරයේ දක්නට ලැබේ. ආදී මානවයා හා සම්බන්ධ ඉතිහාසය පිළිබඳව එෛතිහාසික වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි මතුකළ බටදොඹ ලෙන කුරුවිට පිහිටා ඇති තවත් වැදගත් ස්ථානයකි. කුරුවිට නගරය තවත් අතකින් මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ඒ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබාදෙන කර්මාන්ත පුරයක් කුරුවිට පැවතීම හේතුවෙනි. කුරුවිට නගරයේ සංචාරයට යන ඕනෑම කෙනෙකුට රත්නපුරයේ මැණික් කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව හිමිවෙයි. රුවන්පුරය යනුවෙන් ද හැඳින්වෙන රත්නපුරය ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ ලොව හොඳම මැණික් ඉල්ලම් පවතින නගරය වශයෙනි. එමෙන් ම රත්නපුරය එෛතිහාසික වශයෙන් ප්‍රසිද්ධියට පත්කළ තවත් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත සාධක පවතින ප්‍රදේශයකි. කුරුවිට නගරයට ආසන්න රත්නපුර නගරය බෞද්ධාගමික වශයෙන් මහත් කීර්තියක් උසුලයි. ඒ ලොවපුරා ගෞරවාදරයට පාත්‍ර වූ බෞද්ධ පඬිරුවනක් වූ බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් වැඩ සිටි විහාරස්ථානය පිහිටා තිබීම හේතුවෙනි. බෞද්ධයන්ගේ අතිශය ගෞරවයට සහ වැදුම් පිදුම්වලට පාත්‍රවන්නා වූ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් සලකුණු පිහිටා ඇති ශ්‍රී පාද කන්දට යන මාර්ග කිහිපයක් කුරුවිට සහ රත්නපුර ප්‍රදේශ හරහා වැටී ඇත. රත්නපුරයේ තවත් එෛතිහාසික ස්ථානයක් වන්නේ රත්නපුර මහ සමන් දේවාලයයි. බලංගොඩ නගර සංවර්ධනය යටතේ ඇවිදීන මංතීරුව සම්පූර්ණයෙන් මීටර් 800 ක් පමණ දුරට අලුතෙන් ඉදිකර ඇත. ඇවිදින මංතීරුව වටා ප්‍රදේශයට ගැලපෙන ගස් සහ මල් වර්ග සිටුවා තිබේ. එමෙන් ම අසුන් ගැනීම සඳහා සිමෙන්ති බංකු ද ඇවිදින මංතීරුවේ එක් පසෙක පිහිටුවා ඇත. සංවර්ධනයට ලක්කළ බලංගොඩ නගරය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ බලංගොඩ මානවයා හා බැදුණු අතීතයකිනි. ගල් යුගයේ අවසන් සාධක රැසක් පොළවෙන් මතුකරමින් ලොව අද්විතීය ඉතිහාසයකට ශ්‍රී ලංකාව හිමිකම් කියන බව තහවුරු කළ නගරයක් බවට එම නගරය පත්ව තිබේ. තවද බලංගොඩ නගරය රාවණා පුවත සම්බන්ධව ද මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ඒ බොල්තුඹේ දේවාලය තුළින්ය. රාවණ රජු භාවිතා කළා යැයි කියන දඬු මොණරයේ ශේෂ වූ කොටස් සමහරක් බොල්තුඹේ දේවාලයේ ඇතුළු ගැබක අදටත් සඟවා ආරක්ෂා කරමින් පවතියි. බලංගොඩ අවට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ දිය ඇලි රැසක් පිහිටා තිබේ. ඉතා සුන්දර එම දිය ඇලි දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනා ඇත. සීතල දේශගුණයකින් සමන්විත බලංගොඩ නගරයෙන් ඉහළට වන්නට සුන්දර තේ වතු සහ ආරක්ෂිත වනය පිහිටා තිබේ. මෙවැනි වටපිටාවක් හිමි මෙතෙක් අඩුවක්ව පැවති සංවර්ධනයන් බලංගොඩ නගරයට සහ කුරුවිට නගරයට නොඅඩුව ලැබීම මහත් වාසනාවක් බව ප්‍රදේශවාසීහු ප්‍රකාශකර සිටිති. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් මෙම සියක් නගර සංවර්ධන ව්‍යාපෘති නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page