top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට “ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක්

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jul 27, 2023
  • 3 min read

ree

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන “ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතය ද හිමිව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය . ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට ” මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ ද පැවසීය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව තාක්ෂණයෙන් පරිපූර්ණ සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට මේ වන විට අප අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. ලක්දිව ඉංජිනේරු ආයතනය ඒකල ප්‍රදේශයේ අක්කර 24ක භූමි භාගයක පෞද්ගලික සමාගමක් ලෙස ස්ථාපිත කර තිබෙනවා. මෙහි තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා නොගන්නා නිසා ඒ සඳහා සුදුසු ආයෝජකයෙකු හඳුනාගෙන එහි ඵලදායීතාව ඉහළ නංවා ගැනීමේ අමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම ආයෝජකයන් සමඟ එක්ව විදුලියෙන් ධාවනය වන බස් රථ සේවාවක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ද අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස බස්රථ 50 ක් යොදාගෙන ” ඊ බස්රථ ” නිර්මාණය කිරීම මේ වන විට සිදු කරමින් පවතිනවා. විදුලියෙන් ධාවනය වන බස් රථ ප්‍රචලිත කිරීම සඳහා එම වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේ අරමුණයි.

ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය මගින් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සහ නව බලපත්‍ර ලබාගැනීම සදහා පරීක්ෂණ 847,346ක ප්‍රමාණයක් වසරකට සිදුකරනු ලබනවා. මෙම පරීක්ෂණයට පෙනී සිටින අයගෙන් වසරකට පුද්ගලයන් 58,641ක් පමණ අසමත් වෙනවා. එය රිය අනතුරු වළක්වාගැනීමට විශාල වශයෙන් දායක වන බව කිව යුතුයි.

ඒ වගේම වෛද්‍ය සහතික ලබා දීමට වසරකට රුපියල් මිලියන 26ක් මුද්‍රණ ගාස්තු වශයෙන් වැය වෙනවා. ඒ නිසා ලබන ජනවාරි පළවෙනිදා සිට එය පරිගණකගත කරමින් වාර්ෂිකව වැය වන රුපියල් මිලියන 26ක මුදල ඉතිරි කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

මෝටර් රථ දෙපාර්තමේන්තුව තාක්ෂණය සමඟ මුසු කරමින් සියලුම ගනුදෙනු විද්‍යුත් කාඩ්පත් මගින් සිදු කිරීමට හැකි පරිසරය මේ වනවිට නිර්මාණය කර තිබෙනවා. දශක හතක් පමණ පැරණි මෝටර් වාහන පනත සංශෝධනය කර නව පනතක් ඉදිරිපත් කිරීමට ද අමාත්‍යංශය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා කමිටු 13 පත්කර තිබෙනවා. එම සංශෝධිත නව පනත ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම “ඊ මෝටරින්” ව්‍යාපෘතිය මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. වාහනයක් ආනයනය කරන අවස්ථාවේදීම මෙම ව්‍යාපෘතියට ඒ පිළිබඳ දත්ත ඇතුලත් කළ හැකියි. ඉතිහාසයේ වාහන ආනයනය කිරීමේ දී සිදු වූ විවිධ වංචාවන් නිසා එක් වාහනයකින් රුපියල් ලක්ෂ 35 ක බදු මුදලක් රජයට අහිමි වී තිබෙනවා. මෙම”ඊ මෝටරින් “ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් රජයට මෙතෙක් අහිමි වී යන බදු මුදල් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

ඒ වගේම රිය අනතුරු වළක්වා ගැනීම සඳහා අකුසලතා ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද නියමිතයි. රියදුරන් මහා මාර්ගය තුළ සිදුකරන වැරදි එම අවස්ථාවේදීම හදුනාගෙන දඩ ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒවා නිරීක්ෂණය කිරීම සඳහා නවීන තාක්ෂණික කට්ටල 5000 මේ වන විට දිවයිනට ගෙනවිත් තිබෙනවා. එය ලබන ජනවාරි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෝටර් රථ දෙපාර්තමේන්තුව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඒකාබද්ධව නව වේග සීමා පතිපත්තියක් ඇති කිරීමට ද බලාපොරොත්තු වෙනවා. අධික වේගය නිසා සිදුවන අනතුරු සීග්‍රයෙන් ඉහළ යාම නිසා එම අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් වේග සීමා ප්‍රතිපත්තියක් මෙලෙස ඉදිරිපත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කරමින් පවතිනවා.

මෙහි නාගරික සීමාව තුළ සහ ග්‍රාමීය සීමාව තුළදී වාහනයක් ධාවනය කළ හැකි උපරිම වේග සීමාව දැක්වෙනවා. කඳුකර වැනි ප්‍රදේශවලට වෙනත් වේග සීමාවක් පැනවීමට ද කටයුතු කරනවා. එම වේග සීමා මාර්ගය තුළ සලකුණු කිරීමට ද ඉදිරියේදී කටයුතු කරනවා. මෙහි නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වන විටත් ක්‍රියාත්මකයි.

එසේම ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් රියදුරු බලපත්‍ර ලබාදීම පසුගියදා ආරම්භ වුණා. එහි නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ දී ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුට රියදුරු බලපත්‍ර ලබා දීම සිදු කර තිබෙනවා. ලොව අනෙක් රටවල ශ්‍රවණාබාධිත පුද්ගලයන් සදහා රියදුරු බලපත්‍ර ලබා දීම සිදුවන නමුත් මෙය අපේ රටේ දශක හතරක පමණ කාලයක් ඉල්ලීම්ක්ව පැවති දෙයක්. මේ සඳහා කැබිනට් අනුමැතියක් ලබා ගනිමින් ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහාද රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිතය රිය අනතුරුවලට තවත් ප්‍රධාන හේතුවක්. මෙතෙක් කල් අපේ රටේ පැවතුනේ මත්පැන් භාවිතා කර වාහනයක් ධාවනය කරන රියදුරන් හසුකර ගැනීම පමණයි. වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන පුද්ගලයන් හසුකර ගැනීමට හැකි තාක්ෂණික කට්ටල පන්දහක් යොදාගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන රියැදුරන් හසුකර ගැනීමේ වැඩ පිළිවෙළක් අප ක්‍රියාත්මක කළා. ඒ අනුව 1781 ක් පරික්ෂා කළ විට 41 ක් මත්පැන් නොවන මත්ද්‍රව්‍ය ලබාගත් පුද්ගලයන් ලෙස හසුකර ගැනීමට හැකි වුණා. මෙයින් 90%කගෙ රියදුරු බලපත්‍රය අහෝසි කිරීම සිදුකළා. මේ සියලූ කටයුතු තුළින් කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රට තුළ ඇති කිරීම අපේ අරමුණයි.


Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page