top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කොරියානු රැකියා වෙළඳපොලේ ශ්‍රී ලංකාවට හිමි රැකියා අවස්ථා වැඩි කරයි....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Jan 21, 2022
  • 2 min read

ree

කොවිඩ්-19 මර්දනයට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය හේතුවෙන් කොරියානු රැකියා වෙළඳපොලේ ශ්‍රී ලංකාවට හිමි රැකියා අවස්ථා වැඩි කිරීමට කටයුතු කරන බව දකුණු කොරියානු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ප්‍රකාශ කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපල ද සිල්වා මහතා පවසයි.

කම්කරු අමාත්‍යවරයා මේ බව අද (21) පාර්ලිමේන්තුවේ දී හෙළි කළේ ය. මේ සම්බන්ධයෙන් ස්තූතිය ප්‍රකාශ කරන බව කී අමාත්‍යවරයා, මෙලෙස රැකියා අවස්ථා වැඩි වුණේ ජනාධිපතිතුමා ප්‍රධන රජය ගත් සාධනීය ක්‍රියාමාර්ග මත බවද පැවසීය. පසුගිය වසංගත සමයේ කම්කරු ‌අයිතිවාසිකම් පාගා දැමීමට බොහෝ හාම්පුතුන් උත්සාහ දැරුවද ඊට ඉඩ නොදුන් බවත් රජය ඒ සඳහා පසුගිය කාලයේ දී අණපනත් රාශියක් ගෙනා බවද කම්කරු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.විශේෂයෙන්ම විගමනික ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් සකස් කිරීම සඳහා රජය කටයුතු කළ බවත් විදේශ රැකියා සඳහා යන ශ්‍රමිකයින්ට රක්ෂණාවරණයක් ලබා දීමට අදාළ කටයුතු සිදු කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය. වෘත්තීය සමිති සදාචාරයක් ඇති කර ගත යුතු බවත් එසේ නොවුනහොත් මේ රට අයාලයේ යන රටක් බවට පත් වනු ඇතැයි ද කම්කරු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලෝකය පුරා ඇති වූ වසංගත තත්ත්වය හේතුවෙන් ලෝක ආර්ථිකය සංකෝචනය වී එහි බලපෑම මෙරටට බලපෑව ද එය පාලනය කිරීමට රජය ඉමහත් ක්‍රියා මාර්ගයක් ගත් බවත් ඒ් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ණය ගැති බවද කීය. ගුරුවරුන්ගේ සහ වතු වැටුප් ගැටළුව සඳහා තම රජය විසඳුම් ලබා දුන් බවත් අධ්‍යාපන සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍ර ශක්ති කිරීමට රජය සාධනීය ක්‍රියාමාර්ග රැසක් ගත් බවද කීය. විශේෂයෙන්ම ජනතාවගේ යහපත වෙනුවෙන් ගත් කාබනික පොහොර සංකල්පය සම්බන්ධ ප්‍රතිපත්තිය පවා ගොවීන්ගේ බලවත් ඉල්ලීම මත සහ ජනතාව පත් වූ දුෂ්කරතාව මත වෙනස් කිරීමට රජය කටයුතු කළ බවද කීය.කාබනික පොහොර සංකල්පය උත්කෘෂ්ඨ සංකල්පයක් වුවද එය පිළිගැනීමට ගොවිජනතාව සූදානම් නැත. තවද මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස්කිරීමට ලබා දුන් ප්‍රතික්ඥාව ඉටු කරන බවට පසුගියදා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන බවත් මැතිවරණ වියදම් පිළිබඳ සහ පාරිශුද්ධ මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද කීය. සිව් දින නිල සංචාරයක් සදහා ඊයේ (19) මෙරටට පැමිණි දකුණු කොරියානු පාර්ලිමේන්තු ජාතික සභාවේ කථානායක පාක් බියෝන්ග් සියෝග් මහතා අද ( 21) පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත විය. කථානයක මහින්ද යාපා අබේවර්ධන මහත විසින් සභාව වෙත පැමිණි දකුණු කොරියානු කථානයකවරයා උණුසුම් ලෙස පිළිගත්තේ ය.



Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page