top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

ක්‍රිකට් හදන ‘ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුමට’ මහේල එකතු වෙයි...

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Sep 27, 2021
  • 2 min read

ree

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතාව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙසින් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

අරවින් ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුව විසින් සිදුකරන ලද නිර්දේශයක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක සභාව විසින් මෙම තනතුරු සඳහා ජයවර්ධනව මහතාව පත් කිරීමට පියවර ගන්නා ලදී. ඒ අනුව ජයවර්ධන මහතාගේ පළමු වගකීම වන්නේ ලබන ඔක්තෝම්බර් මසදී එක්සත් අරාබි එමීර් රාජය්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වන අතර එම තරගාවලියේ පළමු වටයේදී ජාතික කණ්ඩායමේ උපදේශකවරයා ලෙස කටයුතු කරනු ඇත. මේ දිනවල එක්සත් අරාබි එමීර්හි පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ජයවර්ධන මහතා එම තරගාවලිය අවසානයත් සමඟ අයි.පී.එල්. ජෛව බුබුලේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුලට එක්වනු ඇත. ඒ අනුව ඔක්තෝබර් මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා වූ දින 7 ක කාලයේදී ඔහු සතු අති විශාල අත්දැකීම් සම්භාරය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ කළමනාකරණය සමඟ බෙදා ගනු ඇත. එම කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාවට, අයර්ලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතව තිබේ. ඊට අමතරව ලබන වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම්වීම සඳහා එම කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන මෙන් කරන ලද ආරාධනාවද ජයවර්ධන මහතා විසින් පිළිගෙන තිබේ. මාස 5 ක කාලයක් පුරා එම සේවය ජයවර්ධන විසින් ලබා දෙනු ලබන්නේ ගරු සේවයක් ලෙසින් වීමද කැපී පෙනෙයි. “මේ තනතුරුවලට අපි මහේලව ඉතාමත් සතුටින් පිළිගන්නවා. ඔහුගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේත් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමෙත් ක්‍රීඩකයින්ගේ දස්කම් ඉහළ නංවා ගැනීමට බෙහෙවින්ම උපකාරි වේවි” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියි. “ක්‍රීඩා කරන අවධියේ පටන් මහේල ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන ආ දැනුම ඉතා විශිෂ්ඨයි. පළමුව ක්‍රීඩකයකු ලෙසත්, පසුව නායකයකු ලෙසත් ඔහු ඉතා විශිෂ්ඨ කාර්යය භාරයක නිරත වුණා. ඔහු මේ වන විට පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් තවත් විශිෂ්ඨ කාර්යය භාරයක් සිදුකරමින් සිටිනවා” යැයි ඈෂ්ලී ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page