top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

කාන්තා ව්‍යවසායකයන් 14,000ක් සවිබල ගැන්වේ -වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන....

  • Writer: helloplanetaviss
    helloplanetaviss
  • Feb 16, 2022
  • 2 min read

ree

කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමට සෑම ග්‍රාම සේවා වසමකටම ගෘහ සුපිරි වෙළෙඳසැල් ජාලයක් (Home Shop) ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇත. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ වැඩසටහන පැහැදිලි කළේය.

දිළිඳුකම පිටුදැකීමේ කාර්ය සාධන බලකාය හා ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එක්ව ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්‍ෂණය ඇතිව සෑම ගමකින්ම කාන්තාවක් තෝරාගනී. තෝරාගත් කාන්තාවගේ නිවසේම වර්ග අඩි 200-400 ක කොටසක් අලුත් වැඩියා කිරීම, තනා තිබෙන ගොඩනැගිල්ලක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් හෝ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් අලුත් වැඩියා කිරීම හෝ නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට යටිතල පහසුකම් සම්පාදනයෙන් අවශ්‍ය ඉඩකඩ සපයා ගැනේ. 2022 අයවැයෙන් රුපියල් මිලියන 15,000 ක ප්‍රතිපාදන මේ සඳහා වෙන් කර තිබේ.අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සමුපකාර සමිති මගින් සැපයේ. පරිගණක ජාලයක් ඔස්සේ සියලුම ගෘහ සුපිරි වෙළෙඳසල් සම්බන්ධ කරන අතර ඩිජිටල් කාඩ්පත් ආධාරයෙන් ව්‍යවසයිකාවන්ට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පහසුකම් සලසයි. ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගන්වමින් කාන්තා ව්‍යවසායකයන් 14,000ක් බිහි කිරීම සඳහා පාරිභෝගික කටයුතු හා සමුපකාර අමාත්‍යාංශය මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩල තීරණ වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබේ. සෑම ග්‍රාම සේවා වසමකින්ම සමෘද්ධි ප්‍රතිලාභ නොලබන අඩු ආදායම්ලාභී පවුල් 40කට විශේෂ නිර්ණායක පදනම් කරගෙන මසකට රුපියල් 2000 ක සහන මල්ලක් සැපයීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය. ග්‍රාම සේවා වසම් 14025ක දිළිඳු පවුල් 40 බැගින් තෝරා ගෙන ඩිජිටල් කාඩ්පත් ක්‍රමයක් මගින් සහන මල්ල ලබා දීමට අපේක්ෂා කරයි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද "ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික අපහසුතා අවම කිරීම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීම සංදේශය” යටතේ වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ප්‍රදානයට තීරණය කර තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (15) පැවති අමාත්‍ය මණ්ඩල දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවේ දී සඳහන් කළේය. වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ නිර්දේශ මත හඳුනාගෙන ඇති පවුල් 115,867ක් සඳහා මසකට තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලට ලබා ගැනීමට හැකිය.

Comments


HELLORADIO

CONTACT US

white.png
icons8-facebook-64.png
icons8-gmail-64.png

077 7 369 324

facebook.com/helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
bottom of page